101 කොටස

15K 1.6K 564
                                    

" අර්හ්.. කොහෙද මේ.."
" අයියේ.. අයියේ වෙලාව කියද~"

මම උදේ නාගෙන කාමරේට ඇවිත් ඔලුව පිහිදාද්දි රධ්‍ය අයියා ලාවට ඇස් ඇරලා හෝන්දු මාන්දු වෙලා කාමරේ අදුනගන්න බැරුව, අපේ ගෙදර කුස්සියේ, උදේ ඇවිල්ලා මිස්ට අනුරාග්ට උයන්න උදව් කරන, ආධ්‍ය අයියට කතාකලා..

" නැකිටපිය බේබද්දා.."

රධ්‍ය අයියා ජනේලෙන් එන ඉර එළියට ඇස් දෙක හීනි කරගෙන මගේ දිහා බලාගෙන ඉඳලා ඇඳෙන් ඉඳගෙන බිත්තියට හේත්තු වුණා.. 

" වරද්..??"

" ඕ.."

" මම ඇයි මෙහේ.."

පෙනේද මේ මනුස්සයා මොකුත් මතක නෑ වගේ රඟන හැටි.. දැන් නම් මට මේ රඟන රැඟුම් බලලා ඇතීවෙලා ඉන්නෙ.. අරහෙත් දෙන්නෙක් මම ගොනා ගානට දාලා හද්ද බාලාංශෙ රැඟුමක් රඟනවා.. ඒ අස්සෙ මගේ මිනිහත් රඟපාන්න පටන් අරගෙන.. අම්මපා හිතුනොත් සේරම පැත්තකින් දාලා නාමෙල් මාලිනී පුංචි තියටර් වගේ මාත් දානවා ලොකුවට තියටර් එකක්.. හොස්පිට්ල් තියටර්ම යන්න ඕන කියලා නීතියක් නෑනෙ.. මම තියටර් යන්නෙ මෙහෙම.. හිච්චි වරද් පුංචි තියටර්.. ඔය තියෙන්නෙ ලස්සනට නමත්.. දාලා මංගල දර්ශනේට මල්වඩම් අනවශ්‍යයි පෙන්නනවා.. එක්කො බල්ලොත් එක්ක බෑත් හොඳයි.. ඒකට සෙනුකයට එන්නම කියන්න ඕන.. ලෝරන්ස්ගේ මනාලිත්.. ම්ම්.. ම්ම්.. ඕන පුපක්.. 

" මැම හැයි මෙහේ තමා.. ඇත්තටම ඔයාට මොකුත් මතක නැද්ද ඒයි.."

රධ්‍ය අයියා ඔලුවත් දෙපාරක් තුන්පාරක් කසලා දෙපැත්තට වැනුවහම මම බයවෙලා ඇඳෙන් වාඩිවුණා.. අනේ පුතේ..

" ඒ කියන්නෙ-ඒ කියන්නෙ ඔයාට ඊයෙ අපි අතරෙ සිද්දවුණු කිසිම දෙයක් මතක නැද්ද අයියෙ.."

රධ්‍ය අයියා ටිකක් වෙලා මගේ දිහා අමුතුවට බලාගෙන ඉඳලා පොරවන රෙද්ද උස්සලා ඇඟ දිහාත් බලාගෙන හිටියා.. ආයෙම ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලලා, මම රැක් එකේ දාලා තිබ්බ එයාගෙ ඇඳුම් දිහාත් බලලා ආයෙම පොරවන රෙද්ද ඇඟට තියලා තද කරගත්තා..

" මොක-මොකක්..??"

" ඇයි පුදුම වෙලා වගේ.."

" ඊයෙ මොකක්ද වුණේ..??"

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now