114 කොටස

12.4K 1.5K 348
                                    

" අනූ.. ඔයා මොකද හිතන්නෙ අපේ බිග්මැච් එක ගැන.. මරු නේද.."

" ම්ම්.. අවුලක් නෑ.."

" ඇයි ඒක ඕනවට එපාවට කිව්වෙ.."

" මොන..?? නෑ අනේ ඔයාලගෙ නීලමහා සටන අති උත්කර්ශවත් අයුරින් එකසිය හතළිස් පස්වෙනි වතාවටත් කරනවාය කියලා අලි පම්පෝරි ගහලා-"

" අනූ!!!!!!!!!!!!!!!"

" මොකද බං.."

" නවත්තගන්න.."

" ඔව්වා හොඳා බිග්මැච් දැකපු නැති උ-"

" අනුරාග්!!"

" ඔය දැක්කනෙ.. ඉස්කෝලෙ හැටි තමා.. පොඩ්ඩක් ඇත්නම් නැට්ට පාගගන්නවා.."

"....."

" සාකී~"

"....."

" ළමයා තරහවෙලාද.."

"....."

" මෙහ්.. නැන්දම්මා බලන්න යන්නෙ.. ඔහොම මූණ එල්ලගෙන බෑ.. මේ බලන්නකො.."

"....."

" සා-"

" කට වහගෙන පාඩුවෙ යන්න.. මට නිදිමතයි.. නැත්නම් මම පොතක් කියවන්න ගන්නවා.. මාත් එක්ක කතාකරන්න එපා.."

" ආ මේ.. මොන පොත්ද.. නිකන් ඉඳහන්.. මේ යන ටිකටවත් ඔය මගුල පැත්තකින් තියලා.."

" පොත් වලට ඔහොම කියන්නෙපා අනූ.. ඔයාට ඇත්තටම හොඳක් නරකක් කියලා දෙයක් තේරෙන්නෙම නැද්ද.."

" එහෙම එව්වා මම දන්නෙ නෑ.. හොඳට හොඳයි නරකට නරකයි.. එච්චරයි.."

" මේ මිනිහාට කියලා තේරුමක් නෑනෙ.."

මම හොඳ හුස්මක් උඩට අරගෙන ඒක හිමිහිට පහළ දැම්මා..

" මෙහ්.. ඔය දෙන්නා පොඩ්ඩක් පාඩුවෙ රණ්ඩුසරුවල් නොකර යනවද.. මේ අසූ අනූ ගනන්වල මිනිස්සු ලව් කරන්නවත් දන්නෙ නෑ හරියට.."

මාමා වාහනෙ ෆොන්ට් මිරර් එකෙන් පිටිපස්සෙ සීට් එකේ මැද්දට වෙලා කකුල් දෙකත් දෙපැත්තට දිගෑරගෙන වාමනයා වගෙ ඉන්න මං දිහා බැලුවා..

" ඇයි දෙදාහෙන් පස්සෙ උඹ දන්නවද.."

" දන්නවා හලෝ.. මම ලව් කරන හැටි දැක්කොත් ඔයාලා අඬාවි.."

" ඔව්.. චූටි ලව් කරන එක්කෙනත් අඬනවා අනූ සමහර වෙලාවට.."

මාමා ඒකට හයියෙන් හිනාවෙලා එකපාරම බයවෙලා වගේ ආධ්‍ය අයියා දිහා බැලුවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now