171 කොටස

16.3K 1.9K 1.7K
                                    

" මේ අක්කට කියපන් මගෙ පෞකාරයව වැඩිය අල්ලන්නෙපා කියලා හරිතෙ.. අපිට මේවා මෙහෙම බලාගෙන ඉන්න පුළුවන්ද.."

" ඔය කට වහගනින්කො.."

සෙනුකයා හිනාවෙවී හොටෙල් රූම් එකක මාව අන්දවන අක්කට බනිනවා බනිනවා ඉවරයක් නෑ. ඒ අක්කා හිතන්නෙ අපි හෙන වැදගත් දෙයක් කතාකරනවා කියල.. ඒ වුණාට මේ පගා ආතල් ගන්නවා.. 

අනේ ආච්චිඅම්මෙ පැයකින් මම බඳිනවනෙ!!!

" මගෙ කට වහන්න ජනාධිපතිටවත් බෑ පගො.. අඩේ මේ කිට් එක පට්ට ලස්සනයි නෙහ්.. කෝමතේ අපේ මිනිහා මගේ සරාගී දේහයට වහ වැටෙයිද සනෙරුවා.."

සෙනුකයා උගේ ඉස්සරහා කණ්නාඩියෙ පැත්තට හැරිල අමුතු පෝස් එකකට ඉඳගෙන උගෙම පස්සට ගහගත්තා.. මූට දැන් පිස්සුව තද වේගෙන එන්නෙ.. යකෝ සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරයෙක් නේද මෙහෙම අසෝබන විදියට හැසිරෙන්නෙ..

" වහ වැටෙයි.. මගෙ පෞකාරයා කොහොමත් හැඩයිනෙ.."

" ආව් ආව් අද එක්කෙන්ක් රෑට තරු බලන්න යනවලු.. කොහොම හරි කල්ලා මචං උඹේ මිනිහව පොළඹගන්න බලපන්.. මම උඹට ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් කියලා දෙන්නත.."

" පාඩුවෙ ඉඳපන්.. උඹ උදේ පාන්දර මොනාහරි බිව්වද.."

" පිස්සුද බල්ලො.. අඩෝ අද මම හෙන හැපී එකේ ඉන්නෙ මගේ බොක්කෙ පිට් එක කසාද බඳින නිසා.. මේ අහිංසකයගෙ සතුට කඩාකප්පල් කරන්නෙපා..පෞකාරයා..!!"

ටිකකින් තව හෙන ලස්සන අක්ක කෙනෙක් ඇවිත් සෙනුකයගෙ තනි සුදුපාට කිට් එකේ බ්ලෙසර් කොලර් දෙක එකට යාවෙන විදියට බෲච් එකක දාලා හැදුවා.. ඒක නිල්පාටයි..මගෙ පෞකාරයා ලස්සනයි අයුක අයියෙ..!

" මම රධ්‍ය අයියව බලලා එන්නද සුදුමහත්තයො.. ඉස්සරහ කාමරේනෙ ඉන්නෙ.. අඩෝ අපේ මිනිහා ලෑස්ති වෙලාද දන්නෑ.."

" උඹට මේ විනාඩියවත් අයුක අයියා නැතුව ඉන්න බැරිද.. එහ්.. ඇත්ත කියපන්.."

සෙනුකයා මගේ කන ගාවටම ලං වුණාම මාත් පොඩ්ඩක් මෙහාට වෙලා ඉඳගත්තා.. අපි ගාව ඉඳපු අක්කා ශූස් දෙක අරගෙන එන්නම් කියලා යන්න ගියා..

" උඹ අයියට වශියක් කළා නේද.."

" පිස්සුද බං.. මොන වශීද.. හැබැයි දවසක් ඉස්කෝලෙ ස්කවුච් කෑම්ප් එකකදි ඌට වැරදිලා කිස් එකක් දුන්නා.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now