110 කොටස

14.6K 1.5K 708
                                    

" හලෝ මාමෙ.."

" සුදුමහත්තයා ගෙදර ආවද.."

" ඕ මාමෙ.. මම ඇවිත් කාලා බීලා ඉන්නෙ.. මාමා කෑවද.."

" තාම නෑ.. ඇවිල්ලම කනවා.. අද මේ මෙහෙට ප්‍රයිම් මිනිස්ටර් ඇවිත් වැඩ වැඩී බං.. තියටර් නැහිලා නැහිලා මේ ලබ්බකුත් පැටලුනා.."

" ආ මාමා එන්න රෑ වේවිද.."

" පොඩ්ඩක් විතර.. ඉවරවුණු ගමන් එනවා.. මොනවහරි ගේන්න ඕනද.."

" නෑ නෑ මාමා පරිස්සමට එන්න.. මම කියන්න ගත්තෙ ආධ්‍ය අයියා අද මෙහෙ එන්නම් කිව්වා.. කමක් නැද්ද.."

" කවුරු කිව්වා.. ආධ්‍ය..??"

ඔව් ඔව් මාමගෙ සාකිච්චා තමා.. රෙද්ද.. බොරුවට රඟනවා දන්නෙ නෑ වගේ.. දෙන්න හිතයි දැන්නම් පෑන් එකෙන් ඔලුවට දෙකක්..

" ඔව් අනේ.. අර රධ්‍ය අයියගෙ අයියා.."

" ආ.. මේ රෑ එනවා කිව්වද.."

" ඔව්.. ඔන්න එනවා හොඳේ.."

" හරි හරි.. පරිස්සමට ඉන්න එහෙනම්.. මම වැඩ ඉවරවෙලා එන්නම්.."

" හරි මාමෙ.. බුදුසරනයි.."

මම ෆෝන් එක කට් කල්ලා සෝෆා එකේ කකුල් දෙකත් උඩට අරගෙන දෑස් අයාගෙන ආධ්‍ය අයියා එනකල් බලාගෙන හිටියා.. හරිනම් අපේ මාමා මට දෙන්න ඕන කීයක් හරි.. මම එයා ගැනත් හිතලා සාකිච්චව කැදැල්ලෙන් මෙහෙට වඩම්මනවට.. ආධ්‍ය අයියා එයාලගෙ ගෙදර අර මල සමයමගෙ පුද සත්කාර මැද්දෙ ඉන්නෙ අකමැත්තෙන් කියලා මම හොඳට දන්නවා.. ආධ්‍ය අයියා ආස අපේ අනුරාග් කරන පුදසත්කාර වලට විතරනෙ.. ඔය එක එක නැට්ටිච්චියො වගේද අනික.. ඇහැට කනට පේන්න කොල්ලෙක් දැක්කොත් ඉවරයි.. ආවා මෙතන කරේ නගින්න.. ආධ්‍ය අයියා මගෙයි, රධ්‍ය අයියගෙයි, මාමගෙයි විතරයි.. හරිනම් මගේ විතරක් වෙන්න ඕන කියලා හරිගස්සන්න ඕන.. ඒත් කමක් නෑ.. මාමයි රධ්‍ය අයියයිත් මගේනෙ.. එයාලගෙ දේවලුත් ඉබේම මට අයිති වෙනවා.. 

ආධ්‍ය අයියයි, අයියගෙ මල්ලියි, අයියගෙ මල්ලිගෙ වෙන්න මස්සිනායි ඔක්කොම මගේ..

ඒ එක්කම වගේ මෙහේ ඩෝබෙල් එක වදිනවා මට ඇහුණ තප්පරේම මම දඩාස් ගාලා දුවලා ගිහින් දොර ඇරියා.. සාකිච්චට ඇතුළට පියාඹලා එන්න.. ආධ්‍ය අයියා කණ්ණාඩිදෙක ශර්ට් එකේ රඳවගෙන කොණ්ඩෙත් අවුල් කරගෙන නිදාගෙන හිටපු ගමන් ඇහැරිලා වගේ ඇවිල්ලා හිටියේ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now