මගෙන් සටහනක්...

20.8K 2K 760
                                    

මගේ ආදරණීයම දළඹු සේනාවට..

ඔයාලා අවසානෙ වෙනකල්ම මේ කතාවෙ හුඟක් දුර ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිත්.. අපි අවසානෙට ඇවිල්ලා ඉන්නෙ.. මුලින්ම ඔයාලා වෙනුවෙන්  හුඟක් ස්තූතියි..

මම ලියන අකුරක් ගානෙ වටිනාකමක් එකතු කරපු.. අගයපු.. මට අදහස් ලියලා එවාපු.. නිසඳැස් ලියලා එවාපු.. ලස්සට කවර හදලා එවාපු.. සිංදු ලියලා එවාපු.. මීම් හදලා එවාපු.. වීඩියෝ හදලා එවාපු මගේ ආදරණීයම ලමයි හැමෝවම මම හදවතින්ම අගය කරනවා.. ඒ වගේම ආයෙම ස්තූතියි..

ආයෙම වතාවක් කතාව මුලදි වගේම අගදිත් ශෙනුන් අයියට මම හුඟක් ස්තූතියි කියලා කියනවා.. ඔයාලා ආදරේ කරන.. මම ගොඩනගාපු චරිත වලට නම දුන්නෙ ශෙනුන් අයියා.. හුඟක් ස්තූතියි අයියෙ..

ඒ වගේම මම වෙනුවෙන් විවේචන ඉදිරිපත් කරපු අයටත් හුඟක් ස්තූතියි.. හැමදේම ජීවිතේට පාඩමක් කියලා හිතන්න පුළුවන් නෙ.. මම මේ කතාව ලියන්න පටන්ගනිද්දි මෙච්චර දේවල්  බලාපොරොත්තු වුණේම නෑ.. ඉතින් මේක ලියපු කෙනා විදියට මම මගේ හදවතින්ම හුඟාක් සතුටු වෙනවා.. ඔයාලගෙ දවසක් හරි මම නිසා සතුටු වුණානම්.. මට හරිම වටිනවා..

ඒ වගේම මම විශ්වාස කරනවා කතාව කියවන හැම කෙනෙක් ගාවම ස්වයං විනයක්.. ආත්ම ගරුත්වයක් තියනවා කියලා.. ඉතින් මගේ මහන්සිය වෙනුවෙන් වටිනාකමක් එකතු කරන්න.. මගේ අනුදැනුමකින් තොරව මේ චරිත සිද්ධි වෙන දේකට යොමු කරගන්න එපා කියලා මම ඉල්ලනවා.. අපි හැමෝම එකිනෙකාට ගරු කරන්න ඕන තැන ඉඳලා මම කතාකරනවා..

හැමෝගෙම සේපාලිකාවට තියන අවසාන කමෙන්ටුවට මගෙන් රිප්ලයි එක්ක දෙන්න ආසයි අනේ.. ඇත්තටම ස්තූති කරන්න ඕන හුඟාක් අය මට කතාව ඇතුළෙන් හම්බුණා.. ඔයාලගෙ ඉවසීම මම ආදරෙන් අගය කරනවා..

ඉතින් මගේ ජීවිතේටත් ලස්සනම මතකයක් එකතු කල්ලා මේ කතාව එක්ක රැඳිලා හිටපු හැම කෙනෙක්ටම.. ආයෙමත් වතාවක්.. ආදරෙයි.. හුඟක් ස්තූතියි.. සතුටින් ඉන්ඩෝ~

ඉතින් සේපාලිකාවට ඔහොමම අදහස් කීපෙකුත් අකුරු කරගෙන යමු නේහ්..

චෙරි මින්ෂි..🌚❤

🌚❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SEPALIKA | COMPLETEDWhere stories live. Discover now