129 කොටස

13K 1.4K 477
                                    

" සරනේරු!!! අද වගේ ලේට් වෙන්න බෑ හෙට හරියටම උදේ හය වෙද්දි ජිම් එකේ ඉන්න ඕන..!!"

මම ඉන්ඩෝ ස්ටේඩියම් එකේ ප්‍රැක්ටිස් මැච් එකෙන් පස්සෙ පැත්තකින් වාඩිවෙලා වතුර බිබී ඉද්දි කෝච් වේළුසුමනයා ඇවිත් මගේ ලඟින් වාඩිවුණා..

" හා සර්.."

" ෆ්ලික්සිබිලිටි එක මීට වඩා ටිකක් බිල්ඩ් අප් වෙන්න ඕන.."

" හා සර්.."

" ස්පීඩ් එක හොඳයි.. ඒත් මම මීට වඩා තමුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.."

" හා සර්.."

" සරනේරු!!!! තමුන් මම කියන එක අහගෙනද ඉන්නෙ.."

" හා ස-ඕ.. නෑ නෑ.. අහගෙන හිටියෙ.. ෆික්සීබිලිටි ඇන්ඩ් ස්පීඩ්.. මම කරන්නම්.."

" මොකක්ද.."

වේළුසුමනයා මූණ හට්ටියක් කරගෙන ඇහිබැම අකුළ ගත්තා..

" මොකක්ද අහන්නෙ.. ප්ලේ කරන්නම් ඉතින්.."

කෝච් මට ආයෙම රවලා මම කරක කරක හිටිය රැකට් එක ඇදලා ගත්තම මම මූණ ඇද කරගත්තා..

" එනවා යන්න!!.."

කෝචා 'එනවා යන්න' කිව්ව වචනෙත් එක්ක මගේ ජිවිතේ මහා අන්ධකාර ගුහාවකින් ඉටිපන්දම් එළීයක් මතුවුණා වගේ හැගීමක් දැනුනා.. මෙච්චරවෙලා දන්න කියන මොකෙක්වත් නැතුව මම හිටියෙ හෙන අපහසු ගතියකින්.. ඒ වුනාට මට යාළුවො කීපදෙනෙක් හම්බුණා.. එකෙක් අපේ බිග් මැච් එකේ ප්‍රතිවාදි ඉස්කෝලෙ පොරක්.. ඌ අශාන්.. අශාන් විතරයි හිතට අල්ලන එකෙක්ට හිටියේ.. ඒකා එක්ක පොඩ්ඩක් කියවලා විහිලුවක් කරන් මගේ වාරෙ එනකල් හිටියා.. අශානයා කියනවා ඌට නුවරින් හරි කෙල්ලෙක් සෙට් වෙන්න කියලා බාරයක් වෙන්න ඕනලු.. කලින් හිටිය කෑල්ල ඌට හෙන බූටක් තියලා මාරුවෙලා ගිහිල්ලා.. මගෙන් ඇහුවා කෑල්ලක් නැද්ද කියලත්..

මට මොකටද කෑලි..

මට ඉන්නෙ සම්පූර්ණ එකක්.. අපිට කෑලි වලින් වැඩක් නෑනෙ.. අනික රධ්‍ය අයියා කෑල්ලක් වගෙ පෙනුනොත් උගේ ඇස් වල දෝසයක් තමා.. අලි යෝධයා වගේ.. අද එලාම් එක උදේ හවස මාරුකල්ලා තියලා ඒක වදින්නැතුව කෝචා දොරට තඩිබාලා තඩිබාලා තමා ඇහැරුණේ.. ඇයි ඊයෙ රෑ අර ගෲප් එකේ පාන්දර වෙනකල් චැට් කලානෙ.. රධ්‍ය අයියා එයාගෙ ෆෝන් එකෙන් චැට් කරන්නෙ නෑ හෙන වැදගත් එකා වගෙ ඉන්න ඕන නිසා.. ඔක්කොම කුණුහර්ප මගේ ෆෝන් එකෙන් තමා යවන්නෙ.. ඊයෙ අපි මහීශට කෑල්ලක් හෙව්වා.. සයෝන් අයියා මේකිට කැමැත්තෙන් ඉඳලත් මේ බේසික කෙල්ල කැමති වෙන්නෙ නෑනෙ.. සයෝන් අයියගෙ කට වැඩිලු.. දෙන්න හිතයි..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now