156 කොටස

10.8K 1.5K 455
                                    

" හම්මට මොණරා ගුඩ්මෝනින්.."

" ගුඩ්මෝනින් මචං.. කෝ අපේ නාරි නැද්ද.."

" ඒකිගෙ ස්ටෙත් එක අමතක වෙලා.. ඒක ගන්න ගියා.."

ලෙක්චර් හෝල් එකේ ආශිගෙ නැත්නම් නාරිගෙ බෑග් එක තිබ්බ තැනින් මාත් දුවගෙන ඇවිත් වාඩිවුණා.. හෝල් එකේ පිටිපස්සෙම ඉන්නෙ කුම්භකරණයො.. උන් එක්ක සෙට් වුණොත් අනිවා අපිටත් නින්ද යනවා.. නිද්‍රාකාරකේ වගේ උන්ගෙ වචන වලත් අම්මටසිරිවෙන්න නිදිමතක් තමා තියෙන්නෙ.. ඉස්සරහම පෝළීම් වල ඉන්නෙ බැජ් එකේ මීටර් ටික.. උන් ලෙකාලට ගොට්ට අල්ලනවා.. මැද්දෙ ඉන්නෙ ඉතින් අපි වගේ දෙපැත්තටම නැතුව පාවි පාවි ඉන්න උන්.. අපේ ලෙකාගෙ බලුකම කියන්නෙ නැගිට්ටවලා ප්‍රශ්න අහන්නෙත් අපෙන්මයි.. දවසක් මම පොතෙන්ම ඔලුවට කෑවා එකක්.. ආශි එක්ක ඕපදූප හොයන්න ගිහින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව.. 

" ඔය මැද්දෙ එකා.. නැගිටිනවා.. A Patient went into shock immediately after normal delivery ,likely cause is –  Amniotic fluid embolism, PPH, Uterine inversion or Eclampsia ???"

" um..Postpartum hemorrhage "

" Physical exam reveals the uterus to be about 6 wk size. Vaginal bleeding is scanty with no discernible tissue in the cervical os. There are no palpable adnexal masses. The uterus is mildly tender. Ultrasonographic exam does not reveal a gestational sac. Which of the following should be recommended? Dilatation & curettage, Culdocentesis, Observation followed by serial B-HCG determinations or Diagnostic laparoscopy..?

" s-sir??"

" අයිසෙ අහගෙන නෙමෙයිද ඉන්නෙ..!!"

ඒ එක්කම පියාඹගෙන ආපු මාකපෙන් එක මගේ ඔලුවෙ වැදී නොවැදී ගියා.. අපි බල්ලො වගේ අනේ.. බැනුම් අහනවා ඉවරයක් නෑ.. වෝඩ් එක මැද්දෙම ආශි දවසක් හොඳ බැනුම් තොගයක් අහලා වරුවක් ඇඬුවා.. ආයෙ මෙඩිකල් කොලේජ් එන්නෙත් නෑ.. බැනුම් අහන්නද මෙච්චර ඉගනගන්නෙ කියලා වැලපුණා.. ආධ්‍ය අයියා කියපු රුවන් වැකි මතක් වෙන්නෙ ඒ වෙලාවට තමා.. 

හරි දුකයි..

අපේ ෆස්ට් ඉයර් එක ඉවරවුණා.. සෙකන්ඩ් එකත් එහෙමයි.. දැන් ඔන්න තර්ඩ් එකේ අන්තිම සෙම් එකේ ඉන්නෙ.. දෙයියනේ කියලා ක්ලිකල් එහෙමත් යනවා.. නිල් පාට දිග කලිසමයි.. නිල් පාට කමිසෙයි ඇදලා.. ආයෙ සුදු කෝට් එක දාලා.. ස්ටෙත් එකත් හතරට පහට නමාගෙන සාක්කුවෙ ඔබාගෙන, පාට තුනෙන් හයිලයිට් තුනයි.. කළුපෑනයි.. නිල් පෑනයි.. සී ආර් පොත් ටිකයි ජීවිතේම වගේ.. ක්ලිකල් යනවා.. තියටර් යනවා.. කැම්පස් දුවනවා.. ආයෙම හොස්පිට්ල් දුවනවා.. ආයෙම ක්ලබ් එකට දුවනවා.. ආයෙම බැඩ්මින්ටන් ඇසෝසියේශන් එකට දුවනවා.. මම හිටියෙ දුවාගත්ත ගමන්මයි.. මොකක් වුණත් ජීවිතේ සෑහෙන්න දේවල් මට එකතු වුණා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now