104 කොටස

13.4K 1.6K 257
                                    

" පාසලේ හය ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල මාධ්‍ය සියල්ලෙන්ම අධ්‍යන කටයුතු සඳහා සම්බන්ධ සියලුම ගුරුභවතුන් ප්‍රධාන ශාලාව කරා රැස් වන්න..

නැවතත් එම නිවේදනය-.."

" ෂනෙරු ප්‍රිෆෙක්ට්ස් ඩියුටි බුක් එක කෝ.. අද ඔක්කොම සයින් කළාද.."

" ඕ පොඩ්ඩක් ඉඳපන් මම බලනවා.."

" ඉක්මනට ඕක බලලා ප්‍රිෆෙක්ට්ස් ඩියුටි යවපන්.."

" චමිරු~"

මම හිටියෙ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස් රූම් එකේ ඩියුටි චෙක් කරන ගමන්.. අද වාරෙ අලුතින් පටන්ගත්ත දවස නිසා උදේ වරුවම ටීචර්ස් මීටින් එකකට අරගෙනයි තිබ්බෙ.. ඉස්කෝලෙ ටීචර්ස්ලා මීටින් එකක් ගත්තම ඒ වෙලාවෙදි ප්‍රිෆෙක්ට්ස්ලා තමන්ගෙ ක්ලාසස් වල ඩියුටි යන්න ඕන.. 

" ඇයි.."

මම ඩියුටි සයින් කරපු පොතට මූණ ඔබාගෙන ඉද්දි චමිරු හෙනකඳයා වගේ ඇවිත් මං ගාවින් හිටගෙන පොතට එබුනා.. මම මූණ ඉස්සුවා විතරයි චමිරු මගෙ නහය ගාව.. මම මෙහාට වෙලා පුටුවෙන් නැගිට්ටා..

"චමිරු ස්කූල් රවුන්ඩ්ස් යන්න ඕන.."

" ම්ම්.."

චමිරු ඩියුටි බුක් එක වහලා පැත්තකින් තියලා එළියට ගියාම මමත් එළීයට ගියා. සෙනුකයි ජොනතනුයි මීටින් එකට ගිහින්.. ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වගේකට.. මාත් එක්ක ඉන්න ඉතුරුවුණේ චමිරුයි නෆ්‍රාසුයි විතරයි..

චමිරු අත් දෙකත් පිටිපස්සට බැඳගෙන පපුවත් ඉස්සරහට දාගෙන මගේ ඉස්සරහින් යද්දි මම ඌට පොඩ්ඩක් එහාට වෙලා අහ් දෙක සාක්කුවට ඔබාගෙන එන්න ආවා.. මූ මාත් එක්ක කතාකරන්නෙ නෑනෙ.. මටත් ඕන්නෑ කතාකරන්න.. මොකටද සක්කිලි පරෙයියට සෙකන්ඩ් වෙන්නෙ..

ඌයි මමයි ග්‍රේඩ් සෙවන් වල ක්ලාසස් බලන්න ගියාම ඒවගේ ඔක්කොම ප්‍රිෆෙක්ට්ස්ලා ඇවිල්ලා හරියට ඩියුටි කරනවා.. බලන්න දෙයක් තිබ්බෙ නෑ.. අටත් එහෙමයි.. ඒ පොඩි උන් හොඳයි.. හැබැයි නමයෙ ඉඳන් ඉන්නවා මහ හද්ද ඇට්ටර උන් ටිකක්.. පොඩි පක්කො හිතාගෙන ඉන්නෙ උන් තමා ඉස්කෝලෙ ලොකුම උන් කියලා..

චමිරු මඟ ක්ලාස් එකක යාළුවෙක් එක්ක කතාකරන්න නතරවුණු නිසා මම නමයෙ පන්තිවලට යන්න තියන පඩිපෙලේ උඩට යද්දි තුන්වෙනි තට්ටුවෙ වහල උඩ යන්න උන් කෑගහගන්නවා.. ඒකත්.. හොඳ සුද්ධ සිංහලෙනුයි අණ්ඩර දෙමළෙනුයි.. මම දුවගෙන ඉක්මනට උඩට යද්දි පාවෙලා ආපු සපත්තුවක් මගේ ඔලුවට උඩින් ගිහින් පිටිපස්සට වැටුණා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now