56 කොටස

17.7K 1.8K 421
                                    

" සෙනුකලා ඇවිල්ලා ඇති නේ??"

" ඔව් කියාන් කතාකල්ලා කිව්වා ආවා කියලා.."

අපි හිටියේ LANKA HOSPITAL එකේ කා පාකින් එකේ.. උදේ දහයට කිට්ටු කල්ලා.. රධ්‍ය අයියා මම ශූස් දෙක දාගන්නකල් කාර් එකෙන් බැහැලා ගිහින් මගේ පැත්තෙ දොර ඇරියා..

" යමු.."

" ඉන්න ඉන්න.."

මම ශූස් දෙකේ ලේස් දෙක ගැටගහගෙන කාර් එකෙන් බැහැලා එයාගෙ පස්සෙන් ඇවිදගෙන ඇවිදගෙන ගියා.. ඒක හොස්පිට්ල් එකක් වගේ නෙමේ තනිකර හොටෙල් එකක් වගේ මටනම් තේරුනේ.. මූණ පේන්නම පිරිසිදු බිම, කුනු පොදක්වත් නැති බිත්ති, පලයිට් ස්ටාෆ් එක, සැරින් සැරේ ඇහෙන කාම් අනවුන්ස්මන්ට්ස්, ස්ලෝ මියුසික්.. මට ඒ එක්කම මතක් වුනේ රජයේ ඉස්පිරිතාලෙ.. මම පහත් කල්ලා හිතන අදහසින් කියනවා නෙමෙයි.. ඒ වුනාට ඒවයි මේවයි අහසයි පොලොවයි වගේ.. සැරම සැර ඇටෙන්ඩන්ලා, නර්ස්ලා, එතකොට ගියාම පිරිසිදු නැති ටොයිලට්, ඕපීඩී එක.. ඒ හැමදේම.. කවුරු හරි කියනවනම් සල්ලි නැති ජීවිතේ සතුටින් ඉන්න පුලුවන් කියලා.. 

අනේ නිකම් පලයන් බං යන්න.. 

මම රධ්‍ය අයියා යන පස්සෙන් ඇවිදගෙන යද්දි රධ්‍ය අයියා නැවතිලා මගේ අතකින් අල්ලගෙන ආයෙම ඇවිදගෙන ගියා.. අපි අත් අල්ලගෙන ඇවිදගෙන ගියත් අපි පහුකරගෙන යන කිසිම කෙනෙක් අපි දිහා විශේශෙන් බැලුවෙ නෑ.. කිසිම කෙනෙක්.. ඒක නම් ඇත්තටම හිතට සහනයක්.. නැත්නම් කොල්ලො දෙන්නෙක් මෙහෙම පාරෙ හරි වෙන පබ්ලික් ප්ලේස් එකක අත් අල්ලගෙන ඇවිදගෙන ගියොත් මම නම් හිතන්නෙ ඊලග දවසේ ෆේස්බුක් එකේ කට්ටියක් ලියාවි 'ආදරේට කොයින්ද සීමාවක්' කියලා.. ආයෙම තව කට්ටියක් ලියාවි 'සමනල් හැගුමන් අතරේ' කියලා.. එහෙම ප්‍රසිද්ධ වෙන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් උවමනාවක් තිබුනෙ නෑ..

අපි නතරවුනේ ෆෝත් ෆ්ලෝ එකේ රූම්ස් තිබ්බ පැත්තෙ අන්තිමටම තිබ්බ රූම් එක ගාව.. දොරේ තිබ්බ වීදුරුවෙන් මට බොද වෙලා වගේ සෙනුකව පෙනුනා.. තව කියාන් අයියත්.. රධ්‍ය අයියා දොර ඇරගෙන මාවත් ඇදගෙනම ඇතුළට ගියා.. 

අයුක අයියා හිටියේ අවදියෙන්.. එයාගෙ ඇස් මලානික වෙලා වගේ කිසි හැගීමක් නැති හිස් ගතියකින් පිරිලා තිබුනා.. මම මුලින්ම දැක්කෙ ඒ ඇස්.. ඒවා කවදත් හිනාවෙලා තිබුනු ඒවා නොවුනත් හැගීම් පිරිලා තිබ්බා.. ඒ වුනාට දැන් මෙතන හිටියේ ලේ කදුලක්වත් නැතුව ඔහේ බලගෙන ඉන්න මලමිනියක් වගේ මනුස්සයෙක්.. අතේ වැලමිට ගාව ඉදන් මැණික් කටුව ගාවට යනකල් සුදුපාට බැන්ඩේජ් වලිත් ඝනකමට ඔතලා.. අනිත් අතේ සේලයින් එකක් ගහලා තිබුනා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now