55 කොටස

16.3K 1.9K 314
                                    

" අනේ!! පුතාට තුණුරුවන් සරණයි.. කොච්චර සතුටක්ද.. මටනම් ඇත්තටම සතුටුයි.. පුතාගෙ ඉදිරි වැඩකටයුතුත් මේ වගේම සාර්තක වෙන්න ඕන.. හරි වාසනාවන්ත දරුවෙක්..දෙයියනේ..ඇස් වහක් කටවහක් නම් වදින්න එපා.."

" තෑන්ක් යූ අම්මා.."

මම ගෙදර සාලෙ බිත්තියකට හේත්තු වෙලා බලාගෙන හිටියේ අපේ අම්මයි රධ්‍ය අයියයි දිහා.. කලින් දවසේ එයාලගෙ රිසාල්ට්ස් අවුට් වුනා.. 

G.C.E A/L EXAMINATION 
NEW Syllabus 
NAME : RADHYA SHANAW HELAKSHA ADHIKARI
INDEX NUMBER : *******
YEAR : 2022
STREAM : PHYSICAL SCIENCE 

PHYSICS - A
CHEMISTRY - A
COMBINED MATHEMATICS - A
COMMON GENERAL TEST - 078
GENERAL ENGLISH - A

SUMMARY

Z-Score - 2.3404
District Rank - 6
Island Rank - 11

මම එයාගෙ රිසාල්ට්ස් බැලුවේ බස් එකේ එනගමන්.. එකපාරටම රිසාල්ට්ස් දැක්කා විතරයි මට කලන්තෙට වගේ ආවා.. කලින් වුනු මෙලෝ දෙයක්ම මතක නැතුව මම විනාඩි පහළොවක් විතරම කලේ ස්ක්‍රීන් එකේ වැටුනු රිසාල්ස් ශීට් එක දිහා බලාගෙන ඉන්න එක.. මට එකපාරටම මෙලෝ හැගීමක් දැනුනෙ නෑ.. හරියට මගේ රිසාල්ට්ස් ඇවිල්ලා වගේ මගේ පපුව ගැහි ගැහී තිබ්බෙ එකසිය ගානට.. මම කීපාරක් එයාගෙ ඉන්ඩෙක්ස් එකයි නමයි අකුරෙන් අකුරට බැලුවද කියලා මට මතක නෑ.. ඒ එක්කම වගේ මට එයාගෙන් කෝල් එකක් ආවා..

" ඒ වරද්.. අපේ රිසාල්ට්ස් ඇවිල්ලා.."

" අ-ආ ඇවිල්ලා තමයි..!! අනේ බං අයියෙ!!.."

මම සතුටටම නියපොත්තකුත් හපාගත්තා..

" මම තාම බැලුවෙ නෑ බං.. හිතට මොකක්ද මොකක්ද වගේ.."

" මොනෞත්තක්ද අයියෙ බලන්නැතුව කරන්නෙ.. බලපිය සයිට් එකට ලොග් වෙලා.."

" අනේ බෑ වගේ බං.."

" කුණුහර්ප නාහා බලපිය යකෝ.."

" උඹ බැලුවද.."

" ඔව් මම මේ තාම.. ඉන්නෙ බලාගෙන.. මට.. නිකන්.. පිස්සු පිස්සු වගේ.."

" අඩේ.. අවුල්ද බං ඒ කියන්නෙ.."

" අනේ මිනිහෝ.. ෆෝන් එක තියලා රිසාල්ට්ස් බලපන්..!!!"

" උඹ බැලුවනේ.. හොදයිද නරකයිද කියපන්.."

" හොදයි නෙමේ හලෝ හොදම හොදම හොදයි.. තවුසෙට ඒ තුනක් එක්ක රෑන්ක් එකකුත් තියනවා දෙයියනේ.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now