127 කොටස

13.2K 1.6K 378
                                    

" ඔය අතේ දැලි ගෑවෙයි වරද්.."

" ආ..??"

මගේ අතේ තිබ්බ නිමිච්ච පහන රධ්‍ය අයියා ඉල්ලගෙන පැත්තකින් තිබ්බා.. අද කැළණියෙ සෙනඟ වැහි වැහැලා.. එහෙම හිටියත් පන්සලේ තිබ්බ නිස්කලංක බවේ අඩුවක් වෙලා තිබ්බෙ නෑ.. අර හඳුන්කූරු සුවඳයි.. මල් වලින් එන සුවඳයි.. හිතේ ඇතිවෙන නිමිච්ච ගතියයි නිසා අපි වටේ තියන දේවල් අපිට ඇහුණෙ නෑ.. හැමෝම තමන්ගෙ පාඩුවෙ වැඩක් කළා.. සමහරු ඇවිදිනවා.. සමහරු මල් පූජා කරනවා.. බබාලා හම්බෙන්න ඉන්න අම්මලා පැන්කළ අරගෙන බෝධිය වටේ යනවා.. ආච්චිඅම්මලා දොහොත් මුදුන් දීලා වැඳගෙන ඉන්නවා.. ඒ අතරින් පතර පන්සලේ පොඩි හාමුදුරු නමක් පිරිත් නූල් බෙදනවා.. 

හැන්දෑවයි කැළණි පන්සලයි කියන්නෙ.. වෙනමම එකක්..

හෙට අලුත් අවුරුද්ද වුණාට පුණ්‍ය කාලය කලින්ම ලැබුවා.. මම උදේ ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එද්දි රධ්‍ය අයියා ක්වාටස් එකට ඇවිල්ලා මාමා එක්ක කතාවක හිටියේ.. ආධ්‍ය අයියා අද නයිට් ඩියුටි කල්ලා එන්නෙ හෙට.. කොහොම හරි අන්තිමේ මාමා ආධ්‍ය අයියට කියලා කියලා නයිට් අයින් කරගත්තා.. නැත්නම් අයියා ඉන්නෙම හොස්පිට්ල් එකේනෙ.. අවුරුදු කියලා ගමේ වගේ මෙහේනම් ලොකු ලක ලෑස්තියක් තිබ්බෙ නෑ.. ඇත්තටම එහෙම ජයට අවුරුද්දක් කන්න අපේ හිත්වල මානසිකත්වයක් තියනවා ඇති කියලා මම හිතන්නෙ නෑ.. ඒ තරමට ප්‍රශ්න තිබුණා.. ඉතින් හෙට වැඩිම වුණොත් කිරිබත් හදලා නැකතට කාවි.. ඔච්චර තමා.. මටනම් කොහොම තිබ්බත් එකයි..

රධ්‍ය අයියට හවස පන්සල් එන්න ඕනවුණු නිසා අපි කැළණි ආවා.. මාමා මොකක්ද වැඩකට යන්න ඕන කියලා ඒ ගමන්ම එළීයට ගියා.. සමහර විට ආධ්‍ය අයියා හම්බෙන්න වෙන්න ඇති.. 

" අද හරියට සෙනඟ නේද.."

" ම්ම්.."

රධ්‍ය අයියා පහන් වැටේ නිමිච්ච පහන් පේළීයකට පොල්තෙල් වක්කරන් යද්දි මම ඒවට පහන්තිර පෙඟෙව්වා.. සමහර පහන් නිමිලා ගිහින් හුළඟට.. සමහර ඒවා රස්නෙ වැඩිවෙලා පුපුරලා.. අනිත් ඒවට තෙල් මදී.. මම පුපුරලා ගිය පහනක් හොඳ පහනක් උඩින් තිව්වහම රධ්‍ය අයියා ඒ පහනට පොල්තෙල් පිරෙව්වා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now