164 කොටස

12.5K 1.6K 842
                                    

" දෙයියනේ දෙයියනේ රෝල ඇතුළෙ මොකුත් නෑ සනෙරුමලේ.. මේක හිස්නෙ දෙයියෝ.. මේක ගන්නද අවුරුදු ගාණක් ගෑටුවෙ.. ඇයි කියන්න අනේ මේක අස්සෙ දාලා මලක්වත් වෙන්න බැරිවුණේ.. මගේ තොප්පිය හදන්නකො.."

" මට අමුතු ගැම්මක් ඇවිත් තියෙන්නෙ මේ ලෝගුව නිසා.. තොප්පි හදන එක මට මදිකමක්.."

" අනෙ මේ පගෙක් වෙන්නෙපා.. "

මම අතේ තිබ්බ රෝල බිම වැටෙන්නැතිවෙන්න උකුළ උඩ තියාගෙන ආශිගෙ ග්‍රැජුවේශන් කැප් එක හැදුවා.. දෙයියනේ කියලා කැම්පසුත් ගාටලා ඉවරයිනෙ.. දැන් MBBS ඩොකෙක් විදියට පත්වීමත් හම්බුණා.. දිවුරුම් දුන්නත් එක්ක.. පුදුම සතුටක් දැනෙන්නෙ.. 

අපේ අම්මා ලංකාවට ආවා.. මගේ කොන්වොකේශන් එකට.. අම්මයි බාප්පයි ආශිලාගෙ ගෙදර අය එක්ක කතාකරනවා.. මමයි ආශියි ෆොටෝ ගන්න ගමන් හිටියෙ.. අයුක අයියා අපි දෙන්නටම මල් බොකේ දෙකක් ගෙනැත් දුන්නා.. තව කියාන් අයියත් ගෙනැත් දුන්නා.. හවස මම කලින් ප්ලේ කරපු ක්ලබ් එකේ අය පාටි එකක් ඕගනයිස් කල්ලා.. ඒකට යන්න හිතාගෙන ඉන්නෙ..

අවුරුදු ගාණක් මහන්සිවෙලා.. රිපීට් සෙට් කරගන්නෙ නැතුව හෙන කට්ටක් කාලා මේ ගත්තු උපාධියනම් මට සෑහෙන්න වටිනවා.. බැඩ්මින්ටන් කරගෙන යන අතරෙනෙ මේකත් කරගත්තෙ.. ඇත්තටම මෙහෙම දවසක් එනකල් මම ඇඟිලි ගැන ගැන හිටියෙ.. හැම උසස්පෙළ කාලෙ ළමයෙක්ගෙම හිතේ තියන හීනෙ.. මේ ලෝගුව දාගන්න එක.. අම්මව තාත්තව එක්කගෙන කොන්වොකේශන් එකට එන එක..

ලංකාවෙ ඩොකෙක් වෙන්න කියන වචන වලින් අම්මටසිරි හෙන ලේසී වගේ එකක් කොහෙත්ම දැනෙන්නෙ නෑ.. ඒ ලෙවෙල් වලින් පස්සෙ කැම්පස් ජීවිතේ ආතල් වුණාට මෙඩ්ඩොන්ට එහෙමම නෑ.. මොකද අපේ උන්ට පාඩම් කරන්නම දවසට හම්බෙන්නෙ පැය දෙකක් වගේ.. ඒකත් සමහර දවස්වලට කැශුවලිටි සෙට් වෙනවා.. එහෙම වුණොත් උදේ 8-12 ක්ලිනිකල් ගිහින් ආයෙ 1-4 ලෙක්චර්ස් ඉඳලා ගෙදර දුවලා හය වෙද්දි වෝඩ් එකට යන්න ඕන.. කැශුවලිටි කියන්නෙ වෝඩ් වලට අලුතින් පේශන්ලා ඇඩ්මිට් කරගන්න දවස.. එදාට අපි ගිහින් පේශන්ලගෙ හිස්ට්‍රි එක සම්පූර්ණෙන් අරගන්න ඕන.. සමහර දවස්වලට රෑ එකොළහ මාරට කිට්ටුයි ගෙදර එනකොට.. පහුවදා කන්සාල්ටන් ඇවිල්ලා පේශන්ලගෙ හිස්ට්‍රි එක ඇහුවම අපි කියන්න දැනගෙන ඉන්න ඕන.. අපි එකොළහට ආවත් එතනින් පස්සෙ එන පේශන්ලගෙ හිස්ට්‍රි එක ගන්න ආයෙම මොකෙක් හරි අල්ලගන්න ඕන.. විනාඩියට දෙකට ඒවා මතක තියාගන්නත් බෑ.. මුළු දවසක් හිටගෙන විතරයි.. තර්ඩ් ඉයර් එකේදි මම ක්ලිනිකල් ආතල් කිව්වට එහෙම නෑ.. ෆයිනල් ඉයර් වෙද්දි මූණ හෝදගන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ.. පුදුම ස්ට්‍රෙස් එකක් තියෙන්නෙ.. අනික අපේ කැම්පස් එකේ එක්සෑම්.. එපාවෙනවා.. සෙනුකයටනම් පේරෙ එහේ සෙම් දෙකට මාස හයකට සැරයක් එක්සෑම් දෙකයි එන්නෙ.. කොළඹ එහෙම නෙමේ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now