134 කොටස

13K 1.5K 771
                                    

" සීරියස්ලී.. ඌ එහෙම කල්ලද.."

ආශි ඕවර් ඇක්ටින් දඟලානා වගේ පපුවත් අතින් අල්ලගෙන ඇස් දෙක පොල් ගෙඩි දෙකක් වගේ ලොකු කරගත්තා..

" ම්ම්.."

" හෙන ගහන්න එපෑ.. මම හිතුවෙ උඹලා දෙන්නා කිව්ව විදියට හැදිලා ඇති කියලා අනේ.."

" මටනම් ඌ මුල ඉඳන්ම ඇල්ලුවෙ නෑ.. බොරු කියන්න ඕන නෑනෙ.."

" ඒක වැඩක් නෑ..  දැන් උඹ කිව්ව විදියට කරනවද.."

" ඔව් ඔව් කාන්තාවක් වෙනුවෙන් කාන්තාවක් වුණාම නැගිටින්න ඕන මමනම් කියන්නෙ.. මම තරුවි නංගිට පැහැදිලි කල්ලා කියන්න බලන්නම්.. මෙහෙමයි හරිත.. මට ලොකුවට හිත හදන්න එහෙම තේරෙන්නෙ නෑ.. උඹලත් වරෙන්.. මාත් එන්නම්.. හවසට නංගි ඒවිද.."

" එනවා කියලා කිව්වෙ.. මෙහෙමයි හරිද උඹ පොඩ්ඩක් නංගිට කියලා දීපන් මේ වෙලේ වටින්නෙ එක්සෑම් එක කියලා.."

" මට නම්බර් දීපන්කො ඉතින්.."

මහීශා මනමාල හිනාවක් දාගෙන කොණ්ඩෙ බෑන්ඩ් එක ගලවලා අතට අරගෙන කොණ්ඩෙ ගසලා හදාගත්තම ආශි දෙකක් රැව්වා..

" අනේ මේ.. පාඩුවෙ ඉන්න අනේ.. මේ ළමයා ඇත්තට දුකින් ඇත්තෙ.. මොනා වුණත් අපේ ඉස්කෝලෙ නංගි කෙනෙක්නෙ.."

" මම වගේනම් වෙන කොල්ලෙක් දාගන්නවා.. බොරු කියන්න ඕන නෑනෙ.. ඔය කට වටේ ලප තියන උන් ඔහොමමයි.."

" ලපේ මේකට අදාළ නෑනෙ..මෙන්න මේකිට ගහපන් බං මොකකින් හරි.."

" ඕකතමා කියන්නෙ තනිකඩ ජීවිතේ සැපයි කියලා.. අපිට නෑනෙ ඔය එක එක ලප කෑළි.. ආයෙ සැප තමා කොම්ලෝ.."

මම මහීශගෙ ඔලුවට රෝසපාට ටෙඩියෙක්ගෙන් ගැහුවා.. මේ කාමරේ ඉතින් උවමනාවකට පොතක් පෑනක් පැන්සලක් ගත්තත් රෝසපාට විතරයි තියෙන්නෙ.. ඒ මදිවට ජිමින් කියලා දස මනමාල මූනක් තියන කොරියන් කොල්ලෙක් මගේ දිහා කන්න වගේ තොලකුත් හපාගෙන බලාගෙන ඉන්නවා.. සැක් කියාන් අයියත් කිව්වා ආශිගෙ කාමරේට ඇවිල්ලා පෙම් බස් වත් දොඩන්න බැරිලු කොල්ලො ටිකක් උගේ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්න නිසා.. මේකි බැන්ද කාලෙකත් මේ පෝස්ටර් ටික උස්සන් යයිද දන්නෑ.. එහෙම වුනොත් කියාන් අයියට බුදුසරණයි තමා.. මගේ කාමරේනම් ඇනිමි විතරයි තියෙන්නෙ කියලා හිතාගන්න පුළුවන්.. ඒ වුණාට මේ කොල්ලො ටික.. හැබැයි මොනා වුණත් ලස්සනයි ඉතින්.. පිස්සු හැදෙයි මම ඊටවඩා හැඩද කොහෙද..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now