141 කොටස

10.5K 1.5K 287
                                    

මම පහුවදා උදේම නැගිටලා ප්‍රැක්ටිස් යන්න ලෑස්ති වුණා.. මට මැචස් පටන්ගන්නෙ හෙට.. ඉතින් අද දවසෙ උදේ ප්‍රැක්ටිස් වලට ගිහින් හවස රෙස්ට් එකේ ඉන්න කියලා කෝච් කලින්ම කිව්වා.. අන්තිම මොහොතෙත් නැහෙන්න ඕන නැහැ කියලා.. ඉතින් මම උදේ කෝචුයි අනිත් අයියලා දෙන්නා එක්කයි ප්‍රැක්ටිස් ගියා.. 

අලුත් රටක පළවෙනි වටාවට ඇහැරෙද්දි.. ඒක මට හුඟක් අමුතු අලුත් අත්දැකීමක් විදියට දැනුණෙ.. අලුත් මිනිස්සු.. අලුත් භාශාවල්.. අලුත් වටපිටාව.. ඒ හැමදේමත් මගේ හිතේ ආගන්තුකයෙක් කියන හැගීම ඇතිකරනවා.. කෝච් ඉඳලා හිටලා මට කිට්ටු වෙලා වටේ පිටේ තියන දෙයක් ගැන කියලා දෙනවා.. ඒ ඇරෙන්න උදේනම් විශේශෙන් කතාකළේ නෑ.. හවස ෆ්‍රී නිසා අනිත් අයියලා දෙන්නා ඇවිදින්න යන්න මටත් කතාකළා.. ඒ වුණාට මට ඉන්නවා මහ උද්ධච්ච අමුතු කෝච්කාරයෙක්.. ඒක නිසා ඌ කෙලින්ම 'එපා!!!' කියලා මූණටම කිව්වා.. 

රධ්‍ය අයියා උදේ කතාකල්ලා එයා ඉස්කෝලෙ ගියා කියලා කිව්වා.. එයා සතියෙ දවස් පහම යන්න එපැයි ඉතින්.. ඒ ඇරෙන්න මාමා කතාකල්ලා විස්තර ඇහුවා.. ආධ්‍ය අයියා හොස්පිට්ල් එකේම ඇඩ්මිට් කල්ලා තාම එයාට කතාකරන්න පුළුවන් ගාණක නෑ කියලත් කිව්වා.. මට ආධ්‍ය අයියා ගැන මතක් වෙද්දි පපුව හිරිවැටීගෙන අමුතු බයක් හිතේ දඟලනවා.. අනික එයාලා මගෙන් මොනවහරි හංගන්න ට්‍රයි කරනවා කියලත් මම දන්නවා.. විශේෂෙන්ම රධ්‍ය අයියා කතාකරන විදිය පවා අමුතුයි.. එයා ඉන්නෙ මේ කියන දේත් මේ අමතක වෙන තරම් කලබලේක.. මට ඒක එයා එක්ක කතාකරන හැම වතාවකම දැනෙනවා.. අනික මේ වතාවෙ මොකක් හරි වැරැද්දක් මට තේරෙනවා.. කොහේ හරි ලොකු අවුලක් තිබ්බත් මම ඒ ගැන මොකුත්ම දැනගන්න ට්‍රයි කරන හැම වතාවකම මාමා හරි රධ්‍ය අයියා හරි කතාව වෙන පැත්තකට හරනවනවා..

හවස මම හොටෙල් එකේ පැත්තක මේන්ටේන් කරන් යන ගාඩ්න් එක හරියට ගිහිල්ලා ඒ බැක්ලනි එකේ ඉඳන් පහළ බලාගෙන හිටියා.. මට හුඟක් ලොකු පාළුවක් දැනෙනවා.. අර මට උණුහුමක් ලැබෙන ගෙදර මම දාලා ආවා වගේ.. රධ්‍ය අයියා, මාමා, අයියා එයාලව මට මතක් වෙනවා.. මම ඇයිද කියන්න දන්නෙ නෑ.. අපි සතුටින්ම හිටපු කාලෙ ආයෙම මතක් වෙනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now