89 කොටස

15.2K 1.6K 427
                                    

" උඹ.. ගස් බල්ලා.. මට කතාකලාද.. ආ.. කියපන්.. කතාකලාවත්ද.. ප#යා.. මම උඹව කනවාහ්!!!!!!!!.."

" ආව්.. බං.. එහාට පලයන්කො.. උඹට මහසෝනා ගැහුවද.. අනේ.. මේ මල්ලි මූව අහකට කරහන් හිනාවෙන්නෙ නැතුව.. අම්මෝ බෙල්ල බෙල්ල කැහ්.. කැහ් බල්ලො.."

සෙනුකයා මාව තණකොළ බිස්සෙ පෙරළගෙන බෙල්ලෙන් අල්ලගෙන හොලවගෙන හොලවගෙන ගිහින් හැපුවා අතේ මැණික් කටුව ගාවින්.. හඳේ ආවාට වල ඉන්න හාවො පේන්නම.. අපි දෙන්නා දෙවෙනි වතාවටත් අසහනකාර ගැරඬි දෙන්නෙක් සංසර්ගෙ යෙදෙනවා වගේ ඉස්කෝලෙ තණකොළ බිස්සෙ පෙරළීගෙන ඉන්නවා.. ඒ කියන්නෙ මූටයි මටයි සිරාම අසහනේ හැදුනු ගැරඬි දෙන්නෙක් කියලා ඉස්කෝලෙට ඔප්පු කරන ගමන්.. මේ පගයට වැටහෙන්නෙ නැද්ද ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට්, ඩිටියුටි ගේම්ස් කැපා වෙන්න ඉන්නෙ ඌයි මමයි කියලා.. බේසිකයා.. පොඩි උන් ඉස්සරහා කාඩ් කුඩු කරගන්නවා.. මොකක් වුණත් අයුක අයියයි රධ්‍ය අයියයි නම්බුව රැකගෙන හිටපු පට්ටම් දෙක.. අපි දෙන්නා අතින් ලෙප්ට් වෙලා යයි වගේ.. සීනියර්ස්ලගෙ වැරදි කියලා උන් සේරම බැනුම් අහනවා මට ඒ අස්සෙ මැවිලා පෙනුනා.. 

මේ පව්කාරයට සමාවෙන්න සුදුඅම්මියෝ..!!

මම සෙනුකයව අල්ලලා එහාට කල්ලා තනකොළ ගොඩේම එරමිණියා ගොතාගෙන වාඩිවුනා.. බෑග් ටිකත් කැලේ..

" අම්මෝ බං.. කොන්දෙ පොට ගියා.."

" පොට..!! පොට නෙමේ පකයගෙ යන්න තිබ්බෙ.. උඹට මාව අමතක වෙලා ඒකයි.. මම දන්නවනෙ.."

" එහෙම එකක් නෙමේ බං.. ඉතින් උඹලත් සෑහෙන්න බිසී නෙ.."

" අනේ පලයන්.. තුක් තුක්.."

සෙනුකයා උගේ කටේ තිබ්බ තණකොළ ටික තුහ් ගාලා එලියට දාලා කට පිහිදගත්තා.. අපරාදෙනෙ මා පුතාට කන්න නෙ තිබ්බෙ..

" කෝ අනේ කියාන් අයියගෙ සුදුදෝණියා.. නැද්ද මෙහේ.."

" සුදුදෝණියා උඩ දමාගෙන මැච් එක බලනවා.. මට සුදුඅම්මියා එක්ක එන්න කිව්වා.."

" අඩෝ.. හා හා.. කොහොමද සාගා එකේ වැඩ එහෙම.."

" අපෝ බං.. කතාකරන්න එපා.."

සෙනුකයත් තණකොල බිස්සෙ මගේ ඉස්සරහින් එරමිණියා ගොතාගෙන ඉඳගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now