95 කොටස

14.7K 1.6K 306
                                    

" සරනේරු, ස්පීඩ් එක හොඳයි..බට් මීට වඩා ක්වික් පෝසස් වලට රෙඩි වෙලා ඉන්න ඕන.. නොට් ටූ බෑඩ්.."

මම ඔලුවට දාගෙන ඉඳපු රතු පාට බැන්ඩනා එක ගලවලා බෑන්ග්ස් වල දාඩිය පිහාගෙන බිමින් ඉඳගත්තා..  මේ වේළුසුමනයා නාකි වුණාට හොඳට ප්ලේ කරනවනෙ.. සමහරවිට පොර මට ඔය කිව්වට ඇත්තටම කොළ කැඳ එහෙම බොනවත් ඇති.. 

" සර් මට අනිද්දා එන්න වෙන එකක් නෑනෙ.."

මම හෙන බයෙන් බිම බලාගෙන වේළුසුමනයගෙන් ඇහුවම වේළුසුමනයා මගේ දිහා රවලා ඇස් දෙකත් උණ්ඩි කරගෙන බැලුවා..

" ඇයි අනිද්දා එන්න වෙන්නෙ නැත්තෙ.."

" සර් මට ඉස්කෝලෙ වැඩක් තියෙනවා.."

" මොන වැඩක්ද.."

" ඇයි ඉස්කෝලෙ සාගා එක.. ඒකෙ ප'ෆෝම් කරන්න මමත් ඉන්නවා.."

" සාගා..??"

" ඔව්.."

" මොකක්ද ප'ෆෝම් කරන්නෙ දැන්.."

සැක් මේකට බැරීද පොඩ්ඩක් හිනාවෙලා මාත් එක්ක කතාකරන්න මං අහන්නෙ.. ඔහොම රවාගෙනම ඉන්න ඕන නෑනෙ හැමතිස්සෙම..

" ඒක බලන්න ඉතින් පන්දාහක් දීලා ටිකට් අරන් එන්න.. මම කියන්නෙ නෑ.."

මම මොකටද මේ වයසක වේළුසුමනයට සෙකන්ඩ් වෙන්නෙ.. එහෙම ඕන නෑනෙ.. පොඩ්ඩක් ලොකුකමේ ඉන්න ඕන.. අනික අපි නැහිලා සාගා ප්‍රැක්ටිස් කරන්නෙ මූට ඒක ස්පොයිල් කරන්නද.. නෑනෙ නෑනෙ.. ඇවිල්ලා බලාගන්න එකයි ඇත්තෙ..

" හරි එහෙනම්, එදාට ප්‍රැක්ටිසස් වෙන දවසකට මම දානවා.. මේ මාස දෙකේ හොඳ තත්වෙකෙට ඇවිත් පෙන්නල ඊළඟ ටූනමන්ට්ස් දෙක වින් කළොත් මාස හයකින් ක්ලබ් එකෙන් යන සිංගප්පූර් ටුවර් එකට මම තමුන්ව සිලෙක්ට් කරගන්නවා.."

ඒකට මගේ කට බිමටම ඇරුණා.. අඩේ සිරාවට.. වේළුසුමනයා කිව්වෙ සිංගප්පූර් ටුවර් එකක් සෙට් වෙනවා කියලද.. දෙයියනේ මේකනම් ගිහින් මගෙ ගැටපොලොස් කොට්ටෝරුවට කියන්නම ඕන.. 

" ඇ-ඇත්තටමද.."

" ඔව් සමහරවිට.. හොඳට ප්ලේ කළොත් තමුන්ට ටුවර් කීපෙකටම යන්න පුලුවන් වේවි.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now