167 කොටස

14.8K 1.7K 1.5K
                                    

" සුදුමහත්තයා.. උඩ තියාගෙන ඉන්නෙ නැතුව ගිහින් ඇඳුමක් මාරු කරගන්න.. අර මනුස්සයො දැන් එනවත් ඇති.. ඔහොමද අවුරුදු විසි හයක් වෙන පිරිමි ළමයෙක් හැදෙන්නෙ.. ආ මං අහන්නෙ.. අකිල මේ ළමයට යන්න කියන්නකො.."

මම අම්මගෙ කන් කරච්චලේ ඇහුණෙ නෑ වගේ අතේ තිබ්බ ඩ්‍රැගන් ෆෘට් බෑයට හැන්ද ගහලා ලස්සනට වටයක් කරකලා ඒක කටේ දාගත්තා.. මම නම් යයි ඇඳුම් මාරුකරගන්න.. අනික මට ඇවිදගන්න පුළූවනෑ.. මල සමයං.. අපේ අම්මා උදේ පාන්දර ඉඳලා කැලිෆෝනියාව දෙක කරනවා එහෙට දුව දුව මෙහෙට දුව දුව.. හොඳ වෙලාවට නේබර්ස්ලට සිංහල බෑ.. නැත්නම් මට පාරෙ බැහැලා යන්න බැරිවෙනවා.. අද ගෙදරට අම්මගෙ යාළුවො වගයක් එනවලු.. කාව බලන්නද.. මාව බලන්න..

මගේ මොනව බලන්නද..?? කලිසම ගලෝලා පෙන්නන්නද..

ඒකත් මනමාලයෙක්..!! මනමාලයොන්ට ඇවිත් මගේ බලන්න තරම් දෙයක් නෑ.. හොස්පිට්ල් ඉඳලා මාසෙකට පස්සෙ යන්තම් සිහිය ඇවිල්ලා රෝදපුටුවෙන් ගෙදර ඇවිත් ගෙන ගේමක් දීලා මම මේ ක්‍රචස් දෙකකට මාරුවෙලා ඉන්නවා.. අම්මට මගේ කැපකිරීම ගැන වගක් නෑ.. හැමතිස්සෙම.. මනමාලයො මනමාලයො මනමාලයො.. වරෙන්කො ඔය හෝතම්බුවා අද ගෙදරට.. ගහනවා ඩ්‍රැගන් ෆෘට් බෑය ඔලුවෙ.. ආයෙ මනමාලයො නොබලන්න.. 

මම මේ රධ්‍ය අයියගෙන් එක කෝල් එකක් හරි ඒවි කියලා මඟ බලාගෙන ඉන්නවා සතියක් තිස්සෙ.. කාටවත් එයා ගැන ගාණක්වත් නෑ.. මම ඇහුවට කියන්නෙත් නෑ.. අසලි අම්මා කොහෙද දන්නෙත් නෑ.. අප්පච්චි හිරේට ගියා කියලා ආරංචිවුණා.. එහේ පොලීසියෙන් මෙහේ පොලීසියට පැමිණීලි කල්ලා මගෙන් කට උත්තරයක් ගත්තා.. ආච්චිඅම්මයි මාමයි අයියයි කතාකළා.. එයාලා රධ්‍ය අයියා ගැන දන්නෙ නැල්ලු.. 

" චූටිපුතා ගිහින් ඇඳුමක් මාරු කරගෙන එන්න.."

" මට බඳින්න බෑ බාප්පෙ.. මගුල.. අම්මට කියන්න අනේ.."

" ඔන්න ඔහේ වෙනසකටත් එක්ක අද කෑම වැඩිපුර හැදෙනවනෙ කොල්ලො.. ආවට පස්සෙ බෑ කියමු.. මම ඉන්නවනෙ.."

බාප්පා මගේ පිටට එකක් තට්ටු කල්ලා මං ගාවින් වාඩිවුණා. අද ඉරිදා නිසා බාප්පට නිවාඩු.. අම්මා ආයෙම කොස්සක් උස්සගෙන ටීවී එක ඉස්සරහින් හිටගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now