59 කොටස

15.9K 1.7K 275
                                    

" අම්මපා මේ ලබ්බෙ සරම ගැලවුනොත් එකපාරක් හරි.. උතුරු සලුව එක්කම තවුසෙගෙ කටේ ඔබනවා අයියෙ.. දැනගනින්.."

" ඉතින් දගලන්නැතුව ඉදපන්.. ඉවරනෙ.."

" තවුසෙටත් මම දගලන එකම තමා පේන්නෙ.."

" ඉතින් මල්ලෙ ඌට උඹ දගලන එක පේන්නැතුව වෙන මොකක් බලන් ඉන්නද කියන්නෙ.. උඹත් මට හු#න කතා තමයි කියන්නෙ.."

" මේ උඹලා මෙතනත් ඇවිල්ලා කුණුහර්ප පලන්න තියාගත්තද.. යකෝ අපි වගේ උනුත් සිල් ගන්න ඇවිත් ඉන්නවා.. කට වහගෙන ඉදපල්ලා.."

සෙනුකයා මහපගයා වගේ අපේ රහස් සාකච්චාව මැද්දෙන් පැනලා තඩි බාල්දියක් හැලුවා.. අපි හිටියෙ මේන්හෝල් එකේ පිටීමපස්සෙ බිත්තියට හේත්තුවක් දාගෙන හාමුදුරුවො කියන බණ අහගෙන.. පොසොන්ලු නෙ ඉතින්.. සිල් ගන්න එපැයි ඉස්කෝලෙ ඇවිත්.. මුලු හෝල් එකේම පැදුරු එළලා ලස්සනට පිරිසිදුව හදලා හාමුදුරුවොන්ට ආසන පනවලා විසාන නෙළුම් මල් වට්ටි පිටින් තියලා හදුන්කූරු ගහලා තියන හැම ජාතියෙන්ම  ගිලන්පස තියලා විසාලෙට හදලා තිබ්බෙ.. 

දැන් ඉතින් මම ස්ටුවර්ඩ් කෙනෙක් වෙලා සති ගානක් වෙනවා.. මේ සති ගානම ඉහේ කෙස් ගානට මේ රධ්‍ය කියන ගැටහැලප පොලොස්කොට්ටෝරුවා මට කෑගහලා බැනලා ගැහුවෙ නැති ටික විතරයි.. හැබැයි අම්මපා ගැහුවනම් මමත් දෙනවා අනිත් පැත්තට ඇට දෙක ලෙප්ට් වෙන්නම.. 

ඉස්කෝලෙ වෙන්න හෙඩා මම කියලා ඉස්කෝලෙ පුරාම උන් කිය කිය ඉදියත් මටනම් ඔය බැජ් එක දෙනකල්ම සත එකකට ශුවර් නෑ.. මොකද මට ඕක නැතිවෙන්න තිබ්බ සම්බාවිතාව.. ඕක හම්බෙන්න හිබ්බ සම්බාවිතාවට වඩා හුගක් වැඩී.. 

මම හෙඩා උනොත් ඩිපියුටි හෙඩා වෙන්න හිටියේ මගේ සක්කිලි පරෙයියා චමිරුවා.. චමිරු දැන් මාත් එක්ක ලොකුවට අවුල් නෑ.. එදා එල්ඩර්ස් හෝම් එකේ මම උගේ තුවාලෙට ලේන්සුවක් බැන්ද හින්දද දන්නෙ නෑ.. මාත් එක්ක පැටලෙන්න වලි අනම් මනම් වලට ආවෙම නෑ.. ලගදි දවසක මාත් එක්ක හිනාවේගෙනත් ගියා.. හරි අමුතු දේවල් තමා මගේ වටේ ඉන්න උන්ටත් වෙන්නෙ.. ඒත් චමිරු හොද වුනාට මතීශ මාත් එක්ක කවදාවත්ම අඩුමතරමේ හිනාවුනේවත් නෑ.. ඌ හිනාවුනා කියලා මොකෝ මට අමුතුවෙන් හතර මහ නිධානෙ පහල වෙන්නෙ නෑනෙ.. මම ඉතින් ඒක ගානක් නැතුව හිටියා.. නෆ්‍රාස් තමා ගේම්ස් කැප්ටන්ට සිලෙක්ට් වෙලා හිටියේ.. සෙනුකයා ඩිපියුටි ගේම්ස් කැපෙක් වෙයි කියලා අයුක අයියා කිව්වා.. කොහොම වෙයිද දන්නෙ නෑ ඉතින්.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now