96 කොටස

15.2K 1.6K 344
                                    

" කොහෙද ඉන්නෙ.. මම කීපසැරයක්ම කතාකළා.. ඔයා ආන්සර් කලේ නෑනෙ.."

" ඇයි මම මැසේජ් එකක් දැම්මනෙ අද සෙනුකලගෙ ගෙදර යනවා කියලා.. අප්පච්චි ඉන්න නිසා කෝල් කලේ නැත්තෙ.."

" අහ්- මම දක්කෙ නෑ මැසේජ් එක.. දන් ඔය යන ගමන්ද.."

" ඔව්.. තාම බස් එකේ... දැන් ළඟයි.."

" කීයටද ගෙදර එන්නෙ.. හුඟක් හවස් වේවිද.."

" ඔයා අපේ ගෙදර එනවද.."

" ඔයා එන වෙලාව මැසේජ් එකක් තියන්න.. අපේ අයියා අද නයිට්.. මම ඒකනිසා අයියා එක්ක එළියට යනවා.."

" ම්ම්.. හුඟක් හවස් වෙන්නෙ නෑ මම හතරට විතර එන්නම්.."

" ශුවර්නෙ.. හතරට එනවනෙ.."

" ඔව් ඔව්.. මම ඒ වෙලාවට එන්නම්.."

" හා පරිස්සමට යන්න එහෙනම්.."

" හරි බුදුසරණයි.."

මම ෆෝන් එකට් කල්ලා සාක්කුවට දාගන්න ගිහින් ආයෙම රධ්‍ය අයියගෙ ඊයෙ කොන්දෙ කැක්කුම මතක් වෙලා නම්බර් එක ඩයල් කල්ලා කනේ තියාගත්තා..

" වරද්..??"

" අයියෙ.. දැන් ඔයාට මොකද.. ඊයෙ කොන්ද රිදෙනවා කිව්වෙ.."

" ඒක අහන්නද මේ තකහනියක් කෝල් කලේ.."

" කියනවකො.."

" ඒක අඩුවෙලා ගියා.. මම හිතන්නෙ නිදාගෙන ඉඳපු විදියෙ අවුලක්ද කොහෙද.."

" ඔව් එකවිදියක ඉන්න බෑ ඇඳේ නටනවනෙ.. ඒ වුණාට බාම් මොනාහරි ගාගන්න.."

" ඒව් වරද්.. ඔහොම කියද්දි මම හෙන නාකියි වගේ හිතෙනවා.. එහෙම අමාරුවක් නෑ බං මට.."

" හා හා හැච හැච ගාන්න නම් දන්නවා මොක නැතත්.. මේ මම තියනවා එහෙනම්.."

මම ෆෝන් එක කට් කල්ලා සාක්කුවට ඔබාගෙන සෙනුකයලගෙ ගෙදර ගාව හෝල්ට් එකෙන් බැහලා පලවෙනි පටුමගෙන් ගෙදරට යන්න හැරුණා.. ඉරිදා සෙනුකගෙ තාත්තා ගෙදර ඇත්තෙ.. අංකල් පොඩ්ඩක් අමුතු කැරැක්ටර් එකක්.. ඒ වුණාට හොඳයි.. මාත් එක්ක නම් හොඳට කතාකරනවා මම සෙනුකයගෙ හොඳම යාළුවා නිසා... ඒ ඇරෙන්න වෙන කා එක්කවත් අපේ යාළුවොන්ගෙන් කතාකරන්නෙ නෑ ලොකුවට.. මම සෙනුකලගෙ ගෙදර බෙල් එක ගැහුවම සෙනුකලාගෙ අම්මා ඇවිත් ගේට් එක ඇරියා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now