97 කොටස

14.4K 1.6K 291
                                    

" මන බැන්දු හද රැන්දු
අදරැති සුර ලන්දු
කොයි යන්නෙ ඔමරී පපා.."

" වත්සල්...!!"

" හිත ඇත්තෙ නුඹෙ ළඟමයි
හද ඇත්තෙ නුඹෙ නමටයි
ඉන්නකො මාගෙ සුදා.."

" අඩෝ සෙනුකයා උඹේ අංශඵලකය ගැලවෙයි යකෝ ඔච්චර ගස්සන එපා.."

ස්ටේජ් එකේ කෙල්ලො වගයක් ළහිරුගෙයි අනුශ්කගෙයි සිංඳුවකට නටනවා.. ඒ දෙන්නා සාගා ඇවිත් ප'ෆෝම් කරන එකකට.. සෙනුකයා ස්ටේජ් එක පිටිපස්සෙ ඉඳන් උන්ට නටලා එක කෙල්ලෙක් ඒක දැකලා වැරදිලා ඒ කෙල්ල උන්ගෙ ඉස්කෝලෙ නැටුම් මැඩම්ගෙන් බැනුනුත් ඇහුවා.. මූට එකපාර අමුතු ආතල් එකක් ගහලා.. 

" මේ අපරාදෙ කියාන් අයියෙ.. ආශිට නටන්න යන්න තිබ්බෙ.."

" ඔය නටන ටික මදැයි තව මොනවා නටන්නද .."

අපි හිටියෙ නෙළුම් පොකුණෙ හෙට තියන සාගා එකට රිහසල් කරන ගමන්.. මේ ටිකේ හෙන රෑ වෙනකල්ම සාගා ප්‍රැක්ටිස් තිබ්බා.. මටත් එකම සිංදුව දාස්වතාවක්ම කියලා සෙන්‍යොරීටා කිව්වහම වමනෙ යන ගාන්ටම සිංදුව එපාවෙලා තිබ්බෙ.. රධ්‍ය අයියගෙත් ගිටාර් එක ගහලා ගහලා ඇගිල්ලෙත් ප්ලාස්ටර් එකක් බැඳගෙන ඉන්නෙ.. අපේ ඉස්කෝලෙ සාගා එක කිව්වහම ඒක තමයි ස්කූල් ඩිවොලොප්මන්ට් සොසයිටි එකෙන් හෙන කොස්ට් එකක් දරලා කරන අයිකනික්ම ඉවෙන්ට් එක.. ළමයි අටදාස් තුන්සීයක් ඉන්න ඉස්කෝලෙක මෙහෙම ඉවෙන්ට් එකක් තියනවා කියන්නෙ.. ලේසිවැඩක් නෙමේ.. ඔකෙස්ට්‍රා එකේම සම්පූර්නෙන්ම ඉන්නවා තුන්සීයකට හාරසීයකට කිට්ටු වෙන්න.. ඉතින් හැම කෙනාම එකම මට්ටමට එනකල් ප්‍රැක්ටිස් කරවලා හෙන කට්ටක් ඇදලා තමයි සාගා එකට රෙඩි වෙන්නෙ.. ඊයේ ඉවෙන්ට් ඒකේ ඔක්කොන්ගෙම කොස්ටියුම්ස් රෙඩි කල්ලා ඉවර කලා.. අද දවසෙම රිහර්සල්.. හෙට තමයි සාගා එක තියෙන්නෙ.. ආධ්‍ය අයියත් එනවා කිව්වා සාගා එකට.. එයාගෙ කලින් යාළුවො එක්ක.. 

සාගා එකට ගර්ල්ස් ස්කූල්ස් කීපෙකින් ඩාන්සින් ඉවෙන්ට්ස් වගේකුයි සිඟින් පාට්ස් දෙක තුනකුයි දාලා තිබ්බා.. තව ආටිස්ට්ලත් හෙන ගොඩක් එනවා.. ඉතින් පන්දාහක්නෙ ටිකට් එක.. ගොඩක් එන්න එපැයි.. අපේ ඉස්කෝලෙන් ප'ෆෝම් කරන්න හිටියේ මමයි, රධ්‍ය අයියයි, එන්ඩින් ෆියුශන් එකට කලින් සෙනුකයයි, තව අයියලා වගේකුයි, අපේ වයසෙ එකෙකුයි විතරයි.. උදේම ඉස්කෝලෙ ඔකෙස්ට්‍රා එක හෙන බඩු ගොඩක් පුරෝගෙන නෙළුම්පොකුණට ඇවිත් ස්ටේජ් එක හදලා ඒවා හරි තැන් වලින් තියලා රෙඩි වෙද්දිම දහය හමාර විතර වුණා.. ඊස්ටර්න් මියුසික් සර් බනිනවා බනිනවා ඉවරයක් නෑ අපිට කිසි සිහියක් නැහැල්ලු.. ඉතින් මගුල අපි මක් කරන්නද ඉර මුදුන් වෙනකොට දවල් වෙනවා තමයි.. අතින් අල්ලලා ඉඳපන් කියලා ඉර නවත්තන්නයැ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now