19 කොටස

20.7K 2.1K 561
                                    

"..ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා.."

" ඒ කියාන් අයියෙ.."

"..මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා.."

" ඕයි අයියෙ.."

මමයි කියාන් අයියයි සෙනුකයයි රධ්‍ය අයියයි හිටියේ සුගතදාස ස්ටේඩියම් එකෙන් එළියට ඇවිල්ලා කැන්ඩොස් චොක්ලට් ශොප් එක ලගින් දෙපැත්තට බෙදෙන පාරෙන් පාර පැනලා එකසිය හැත්ත හය බස් පාරට යන පාරෙ දිගට යන ගමන්.. කිලෝමීටරයක් විතර බස් එක ගන්න මේ පාරේ යන්න ඕන දිගටම.. ඒ මදිවට හවස් වෙලා නිසා ඒ පැත්තෙ එක එක නානාප්‍රකාර මිනිස්සු එළියට ඇවිත් පාර දෙපැත්තෙ සිගරට් බොනවා.. කියෝ කියෝ ඉන්නවා.. අපි හතරදෙනා ඒ සේරම පහු කරගෙන යන ගමන් හිටියේ.. රධ්‍ය අයියා සිගරට් ගදට ආස නැද්ද මන්දා ලේන්සුවක් නහයට තියාගෙන පාර අයිනටම වෙලා ඔලුවත් පොඩ්ඩක් බිමට හරෝගෙන මෙලෝ සද්දයක් නොකර පාඩුවේ යද්දි අර කියාන් අයියා සරිගම කකා සින්දුවක් කිය කිය යනවා.. 

උන් දෙන්නට පිටිපස්සෙන් මම සෙනුකයවත් එල්ලගෙන ගියා.. සෙනුකයා කැන්ඩොස් එකෙන් තඩි චොක්ලට් බාර් එකක් අරගෙන ඒක ගිලින ගමන් මාත් එක්ක පච හල හල ආවෙ.. ඒ වුනාට මේ තඩි කියාන් අයියා සින්දු කියන එක මට ඇත්තටම අහන් ඉන්න බෑ.. ඇමීබා අතීසාරය හැදිච්ච ගොනෙක් තප්පුලනවා වගේ.. ඒ අතින් බලද්දි රධ්‍ය අයියා සිරාම පොශ් පොරක්.. ඩයල් එක අද මාත් එක්ක වලි දාගත්තෙත් නෑ සයිඩ් ගහලා පාඩුවේ වැඩක් බලාගෙන ඉදියේ..

මම සරිගම කන කියාන් අයියට කතාකලාම ඒකා හැරිලා පිටිපස්ස බැලුවා..

" මොකෝ මල්ලේ.. ඒ සෙනුකයා මෙහෙට දීපන් ඕක.. තෝ කනවා කනවා ඉවරයක් නෑ.."

පිටිපස්ස හැරිලා මට කතාකරන ගමන් කියාන් අයියා සෙනුකයා කකා හිටිය චොක්ලට් බාර් එක උදුරලා ගත්තා.. සෙනුකයා ඒ ගමන් මූන බෙරි කරගත්තා.. 

" මේ කියාන් අයියෙ සිරාවට කියන්නෙ අපි රධ්‍ය අයියට අර කොල්ලව සෙට් කරමුකො හලෝ.."

" කොයි..??"

කියාන් අයියා බයවෙලා වගේ මගේ දිහා බලලා රධ්‍ය අයියා දිහා බලද්දි රධ්‍ය අයියා මෙලෝ ප්‍රතිචාරයක් නැතුව යන ගමනින්ම යනවා.. ඔව් ඉතින් මූ හිටි පිළිමෙ වගේ මෙහෙම මෙලෝ හැගීම් ප්‍රකාශනයක් නැතුව ඉද්දි කොල්ලො සෙට් වේවියැ.. මූට කොල්ලො සෙට් කරන්න යන අපිට ගහන්න ඕන මඩු වලිගෙකින්...

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now