43 කොටස

16.8K 1.8K 110
                                    

මමයි රධ්‍ය අයියයි ගෙදර ඇවිත් කාර් එකෙන් බහින්න එළීයට අඩිය තිබ්බා විතරයි කියාරා මිදුලෙ බෝලයක් හප හප ඉදලා මාව දැකලා දිවත් ඇදගෙන දුවගෙන ඇවිත් මගේ ඇගට පැන්නා.. මම ආයෙම කාර් එකේ සීට් එකේම ඉන්දවුනා.. මම එයාට වීඩියෝ කෝල් අරං හුගක් කතාකල්ල තියෙන නිසා මගේ කටහඩ හොදට අදුරනවා.. රෙක්සි මාව දැකලා ගේ ඇතුළට ඇවිදගෙන ගියා.. සත එකකටවත් මාව නෙමේ ගනන් ගත්තෙ.. මහඑකා වගේ නැතැයි.. මම කියාරගෙ ඔලුව අතගගා එයාව හුරුතල් කරද්දි රධ්‍ය අයියා වටෙන් ඇවිත් කියාරාගෙ පටියෙන් ඇදලා එයාව එහාට කලා..

" කියාරා.. ඇතුළට යන්න.."

රධ්‍ය අයියා සැරෙන් කිව්වහම කියාරා දුකම දුක හිතෙන මූණකුත් හදාගෙන ගේ ඇතුලට ගියා.. මහ මොකෙක්ද මන්දා.. මම රධ්‍ය අයියට රවලා උගෙ කලිසමේ බෙල්ට් එක අල්ලගෙන ඒ වාරුවෙන් හිතලම බර දීලා නැගිට්ටහම මේකා ඉක්මනට කලිසම දෙපැත්තෙන් අල්ලගත්තා.. වැටුනනම් තමා.. ගැටපොලොස් කොට්ටෝරුවගෙ කලිසම.. අපිට ලස්සන යටකලිසමක් බලාගන්න තිබ්බා..

" මොන මගුලක්ද බං කරන්නෙ.."

" කරන්නෙ මොකක්ද අහන්නෙ ඉතින්.. දැක්කෙ නැද්ද.. නැගිට්ටනෙ.."

මම රධ්‍ය අයියට ගස්සගෙන දොරත් එහෙමම ඇරලා දාලා ගේ ඇතුලට ගියා.. අර අහිංසකීට කතාකරපු හැටි.. කලිසම විතරක් ගලවලා මදි.. මම දවසක් කිව්වා වගේ සිද්දාලේප ගාන්න තියෙන්නෙ.. මම යද්දි ආධ්‍ය අයියා සාලෙට වෙලා අර කණ්ණඩි දෙකත් දාගෙන හෙන තඩි පොතක් කියවනවා.. මූ නම් පොත්ගුල්ලෙක්මද කොහෙද.. අයියයි මල්ලියි අහසයි පොලොවයි වගේ.. මම ආවා දැකලා ආධ්‍ය අයියා කණ්ණාඩි දෙක පන්නලා පොත උඩින් තියලා නැගිටලා මගේ පැත්තට ආවා..

" අම්මෝ මල්ලි ආපු එක හොදයි.. එකෙක් මෙහෙ පරල වෙනවා උගේ පණටික ගමේ ගිහින් ආවෙ නෑ කිය කිය.. දැන්නම් නිදහසේ මට නිදාගන්න පුලුවන්.."

" සැක් නේද අයියේ.."

" මල්ලි උඹට හොදටම විශ්වාසයි නේද අපේ එකා ඕනමයි කියලා.."

" අයියෙ!!!!!!!!!!!!!!"

මටයි ලස්සන ආධ්‍ය අයියටයි හුගක් වෙලා කතාකරන්න බැරිවුනේ අර ගැටපොලොස් කොට්ටෝරු ඉරිසියාකාරයා ඇවිත් අපි දෙන්නගෙ කතාව මැද්දෙන් පැනපු නිසා.. ඒ වුනාට මටත් හරිම කුතුහලයක්.. ඇයි හැමෝම අහන්නෙ එකම දේනෙ.. එක්කො මගෙන් අහනවා රධ්‍ය අයියව ඕනමද කියලා.. නැත්නම් රධ්‍ය අයියගෙන් අහනවා මාව ඕනමද කියලා.. ඕන නේන්නං හත්වලාමෙ මට මේකගෙ ඔලුව කන්න තියෙනවනෙ.. ඇයි කාටවත්ම තේරෙන්නෙ නැත්තෙ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now