105 කොටස

13.8K 1.5K 372
                                    

" අම්මෝ බං පට්ට අව්වක්නෙ තියෙන්නෙ.."

" උඹ කැප් එක ඉස්කෝලෙ දාලද ආවෙ.."

සෙනුකයා ස්ටේඩියම් එක මැද්දෙන් හැල්මේ දුවගෙන ඇවිත් මම ඉඳගෙන හිටපු හට් එක ඇතුලෙ බංකුවකින් ඉඳගත්තා.. මමයි ජොනායි නෆ්‍රාසුයි ඇත්ලටික් සිලෙක්ශන්ස් වලට සුගතදාස ස්ටේඩියම් ඇවිල්ලා පොඩි ළමයි තේරගන්න ඒවා දිහා බලාගෙන හිටියේ.. අපිට කරන්න තියෙන්නෙ බලාගෙන ඉන්න එක තමා කොහොමත්.. අනිත් ඒවා හවුස් කැප්ටන්ලනෙ කරන්නෙ.. ඔක්කොම ඉවරවුණාම ෆයිනල් රිසාල්ට්ස් ටිකයි ඒවට තෝරගත්තු ළමයි ටිකගෙයි නම් අරගෙන ගෙදර යන්න තමා තියෙන්නෙ.. මෙහෙට දවල් තුනට විතර පායනවා අව්වක් අම්මටසිරි වෙන්න.. පැය බාගයක් විතර හිටියොත් කලන්තෙ දාලා තමා නතරවෙන්නෙ.. 

" ඔව් බලපන්කො.. සැක්.."

" ආ මේක බීපන්.. උඹට තියාගෙන හිටියේ.."

මම මගේ අතේ තිබ්බ යෝගට් ඩ්‍රින්ක් එක සෙනුකයට දැම්මා.. අපි කලින් බීලා හිටියෙ.. සෙනුකයා ඇත්ලටික් සර් එක්ක වැඩ වගේක හිටිය නිසා දෙන්න බැරිවුණා.. අපිට පොඩ්ඩක් එහායින් චමිරු තනියම වාඩිවෙලා හෑන්ඩ්ෆ්‍රී දෙකත් කනේ ගහගෙන පුටු ඇන්දට හේත්තුවක් දාගෙන ඇස් පියාගෙන ඉන්නවා.. කොහොමත් අපි සෙට් එකත් එක්ක පොර ඉන්නෙ නෑනෙ.. තනියම තමා ඉන්නෙ.. සෙනුකයා බෝතලේ කඩලා බොන්නත් ගිහින් චමිරු ඉඳපු නිසා අපෙන් ඌව පෙන්නලා ඇයි ඇහුවා.. නෆ්‍රාස් දන්නෙ නෑ කියන්න උරහිස් ඇකිළුවා..

" අඩෝ ඌටත් එන්න කියපන්.."

" එන්න කියන්න කතාකරන්න එපැයි බං.."

" මම කතාකරන්නද.."

" අපිට අවුලක් නෑ එන්න කියපන්.."

ජොනතන් නැගිටල චමිරු ගාවට ගිහින් චමිරුගෙ උරහිසට තට්ටුවක් දැම්මහම චමිරු ගැස්සිලා ඇහැරුණා.. 

" කියන්න.."

" ඒ වරෙන් අතෙන්ට.. මෙතන තනියමනෙ.."

" මෙහෙම හොඳයි.. අවුලක් නෑ.."

" මෙන්න මෙහෙ වරෙන් බං.. නැගිටහන්.."

ජොනතන් බලෙන්ම චමිරුව ඇදගෙන ඇවිත් සෙනුකයට එහාපැත්තෙන් ඉන්දෙව්වා.. අපි ගාවට ඇවිත් චමිරු හෙන අපහසුවෙන් වගේ හිටියේ.. මම ඉන්න නිසාවත්ද දන්නෙ නෑ කියලා මට හිතුණා.. සෙනුක උගේ ඩ්‍රින්ක් එක චමිරුට දුන්නහම චමිරු සෙනුක දිහා බයවෙලා වගේ බලාගෙන ඉඳලා ඔලුව දෙපැත්තට වනලා ග්‍රවුන්ඩ් එක දිහා බලාගත්තා.. යකෝ ලොකුකම මුගෙ.. මස්සිනා අතින් දෙන දෙයක් බොන්න පින නෑ.. ඒකට බලන්න මම කොච්ච ආසාවෙන් මස්සිනා දෙන දෙයක් කන්නෙ බොන්නෙ.. මයි බෝයිපෙන්'ස් අයියා'ස් රෙස්ටොරන්ට් ඊස් ද බෙස්ට්.. අයියගෙ අමතක නොවන ඇඹරැල්ලා මාළුව තමා මාව පිස්සෙක් කලේ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now