121 කොටස

16.1K 1.6K 546
                                    

" ගියා වගේ නෙමෙයි ළමයි.. පරිස්සමින්.. තේරුණානෙ.. රධ්‍ය පුතා මට ගිහින් කෝල් එකක් දෙන්න හොඳේ.."

" හරි අම්මා.."

" දැන් ආයෙ පුතාලා එන්නෙ හෙටද.. කමක් නෑ පොඩ්ඩක් ඇවිදලා කියලා එන එක.. කොළඹ ඉතින් ගිහින් පණ යනකල් නැහෙන එකනෙ කරන්නෙ.. රධ්‍ය පුතාටයි ආධ්‍ය පුතාටයි අවුරුද්දටත් ඉඳලාම යන්න තිබුණා.. අපරාදෙනෙ.."

" කොළඹ වැඩ වගයක් තියෙනවනෙ අත්තම්මෙ.. අත්තම්මා බලන්න අවුරුදු පහුවෙලා මම අනිවාරෙන් එනවා.."

" ආ පොඩී කොහොමත් අම්මා එක්ක ඉන්න ආසයි, පැණිරහ ගිලින්න පුළුවන් නෙ.."

" අයියෙ..!!"

" දැන් කොල්ලො උඹ ඉස්කෝලෙ උගන්නන්න යන්නෙ මොනවද.. ගණන් නේ.."

" ඔව් මාමෙ.."

" සුදුමහත්තයා..!!! මේ කොල්ලව බලාගෙන වත් හරියට හැදියන්.. ගල් ගෙම්බා වගේ ඉන්නවා උඩ පැන පැන.."

මාමා ගෙදර ඉස්සරහා ඉඳගෙන බෙරිහන් දුන්න පාර කාමරේ ඇඳුම් බෑග් එකට ඇඳුම් ගුලි කර කර ඔබ ඔබ හිටපු මාව උඩ ගිහින් බිම වැටුණා.. මේ වයසක මනුස්සයා මේ වයසට මෙහෙම කෑගහන එක හරිද මං අහන්නෙ.. නෑනෙ.. පපුවෙ අමාරුවක්කත් හැදුනොත් කසාදෙට කලින්.. මමද ආධ්‍ය අයියව බාරගන්නෙ.. හරි මෙහෙමයි බාරගන්න කැමතී තමා.. ඒත් ආධ්‍ය අයියා ඊටපස්සෙ මුළු ජීවිත කාලෙම මූණ ඤොරොක් කරගෙන ඉන්නවා මම බලන්නෙපෑ.. එහෙම හරියන්නෙ නෑ.. දේවදූතයා කඳුළු හැලුවහම ස්වර්ගයට එළීය වැටෙන්නෙ නෑ..

අනිකා.. මම යාලුවෙලා ඉන්න එකා.. ඊයෙ රෑ වෙනකල් කිය කිය හිටියේ වරද් හෙට ගිහින් හෙටම එමු.. එහෙම ඉන්න එක හරි නෑනෙ නේද.. යැයි යැයි කියලා.. ඊටපස්සෙ පාන්දර තුනට මල නිදිමරගාතෙ නැගිටලා හොටෙල් එකක් බුක් කල්ලා පාඩුවෙ නිදාගෙන ඉඳපු මාවත් නැගිට්ටවලා 'ඇඳුම් හදන්නකො තාර පැටියො අපි අද ඉඳලා හෙටම එමු.. කමක් නෑනෙ' කිව්වා.. මම ඒක ඇහුන්නෑ වගේ පුපට එළිය වැටෙනකල් නිදාගෙන.. ඇහැරුණේ නමයට විතර.. මම නැගිටිද්දි රධ්‍ය අයියා සපත්තුත් එළියෙන් තියලා ඇඳුනුත් මැදලා උදේටත් කාලා එළීයේ ඔංචිල්ලාවෙ ඉඳගෙන අපේ අම්මා එක්ක හෙන කයියක් දාගෙන ඉන්නවා.. මම නැගිටලා කාලා බීලා නාලා ඉවරවෙද්දි ඒකා ඇඳගෙන එළීයටත් ගිහිල්ලා ඉවරයි.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now