38 කොටස

17.5K 1.8K 208
                                    

" අනේ අම්මේ මෙහාට දෙන්න අප්පා ෆෝන් එක.. මොන මගුලක්ද.."

" පොඩ්ඩක් ඉදපන් ඉතින්.. මොකෝ අපි ඉස්කෝලෙ ඇවිත් මේවා බලන්නයැ.. දැන් ඉතින් මොකක්ද මේකෙ තියන අවුල.."

" අවුල කියන්නෙ මට ලැජ්ජයි.."

" අනේ උඹේ ලැජ්ජාව.."

මම හිටියේ අම්මා ඉස්තෝපුවට වෙලා මහා හයියෙන් සවුන්ඩ් වැඩි කරගෙන ඇස් දෙක කඩාගෙන යන්න බ්‍රයිට්නසුත් වැඩිකරගෙන ෆුල් ස්ක්‍රීන් දාගෙන බලන අර රූ වරුණාව අහගෙන.. මටම පොළොව පලාගෙන යන්න හිතෙනවා ඒක දැක්කහම.. මොන ලැජ්ජාවක්ද හත්වලාමෙ මේ වුනේ..

මීඩියා යුනිට් එකේ උන් අපි දෙන්නගෙ ප'ෆෝමන්ස් එක හෙන ක්ලියර් වීඩියෝ කලා ඉස්කෝලෙ ෆේස්බුක් පේජ් එකෙයි වෙබ් සයිට් එකෙයි පෝස්ට් කල්ලා.. ඒක ශෙයාර් වෙනවා හිටු කියලා.. නෙගටිව් කමෙන්ට් නැති වුනාට උගෙයි මගෙයි ඇඹල හිනාවට ඉස්කෝලෙ උන් කමෙන්ට් දාලා තිබ්බා.. ඒ අස්සෙ ගෙදර ආවහම තකහනියක් මහීශාත් කෝල් කල්ලා නෝන්ඩියට කතා දාහක් කියලා හිනාවෙලා හිනාවෙලා ෆෝන් එක තිබ්බා.. සැක් මම හිනාවෙන හැටි විතරක්.. රධ්‍ය පොලොස් කොට්ටෝරු හැලප කාවයි සිප්පි කටු ගොම්බෙල්ලා.. මාව මරාගෙන කාපන්.. ඇටි කුකුලා..

මම අම්මට ඕන එකක් කියාගන්න කියලා කාමරේට ගියා.. දැන් ඉතින් ඌටයි මටයි අමුතුවෙන් සෙට් වෙන්න දෙයක් නෑ.. අල්ලපු වැටේ සක්කරවට්ටම් ටික ඌවයි මාවයි දාලා ෆික්ශනුත් ලියලා බන්දලා කරන්න ඕන ඒවා ඔක්කොම කල්ලා තියෙයි.. අපේ ක්ලාස් වල ආශ්‍රය කරන කෙල්ලොන්ගෙන් දැනගත්ත විදියට උන් හෙන ආසයි කොල්ලො කොල්ලො ශිප් කරන්න..පිස්සු වලාමවල්.. දැන් ක්ලාස් ගිහිල්ලත් හමාරයි.. ඒ මදිවට ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි මම රධ්‍ය අයියගෙන් ඇහුවම මොකක්ද තවුසෙ ඒ කලේ කියලා.. මේ ගැටපොලොස් කොට්ටෝරුවා 'ඒකත් පිටපතේ කොටසක් තමයි' කියාගෙන හෝල්ට් එකෙන් බැහැලා ගියා.. අම්මපා හෝල්ට් එකෙන් බැස්සෙ නැත්නම් මම බස් එක කියලා බලන්නෙ නෑ.. ඕකව අල්ලලා පොළොවෙ ගහනවා.. මේකා මම කරන ඒවා එකතු කරගෙන ඉදලා එකපාර පලිගන්නවද කොහෙද..

" ඒ ළමයා ලස්සනයි නේද කොල්ලො.."

" කවුරු.."

ඒ පාර අම්මා ඒකත් උස්සගෙන කාමරේටත් ඇවිල්ලා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now