166 කොටස

12.9K 1.6K 751
                                    

" අනූ-මට කියන්නකොමට තේරෙන්නෑනෙ කිසිමදෙයක්.. මගේ ළමයි දෙන්නා.. මොන-මොන වරදක් කළාටද මෙහෙම.."

ආධ්‍ය මේ දවස් තුනට අඬාවැටෙන දහස්වෙනි වතාව.. 

" අපි රධ්‍යව සනීප කරගන්න ඕන.. ඔයා මෙහෙම අඬලා කොහොමද දරුවො වැඩක් හරියට කරගන්නෙ.. අනික ඒකා ආවනෙ.."

අනුරාග් ආධ්‍ය ගාවින් ඉඳගෙන ආධ්‍යව පපුවට තුරුලු කරගෙන සනසන්න උත්සහ කළත් ආධ්‍ය තව ටිකක් හයියෙන් අඬාවැටුණා.. සතුටු වෙන්න ඕන හැම එකකම ආධ්‍ය නොසෑහෙන ඇඬුවා.. තමන්ගෙ සහෝදරයා අවුරුදු ගාණකින් දැක්කහම සතුටු වෙන්න ඕන වුණත් ආධ්‍යගෙ පපුව පිච්චිලා ගියා.. රධ්‍ය.. දැකපු මුල්ම වතාවෙ..

දිග ගුවන් ගමනකින් පස්සෙ රධ්‍ය ලංකාවේ පුරුදු හුළඟින් හුස්ම ගන්න ගමන් හිටියා.. ආධ්‍යගෙ ගෙදර ඇඩ්‍රස් එක ඩ්‍රයිවර්ට දුන්නයින් පස්සෙ රධ්‍ය තමන්ගෙ ඇඟිලි වෙවුලන එක නවත්තගන්න හුඟක් උත්සහ කළත් ගුවන්තොටුපොළේ අමිහිරි මතක රධ්‍යගෙ ඔලුව සම්පූර්ණෙන්ම අවුල් කළා.. ඒවා ආයෙම මතක් වෙනවා.. රධ්‍යගෙ ඔලුව ඇතුළෙ අකුණූ පුපුරණවා වගේ වේදනාවක් දැනුණා.. එයාට ඒ වේදනාව කියලා විස්තර කරගන්න පුළුවන් එකක් නෙමෙයි.. අන්තිමේ පැයක විතර් ආමනකින් පස්සෙ රධ්‍ය හිටියෙ ආධ්‍යගෙ කුරුඳුවත්තෙ ගෙදර ගේට් එක ඉස්සරහා.. රධ්‍යට කලන්තෙ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බිත්තියට වාරු වෙලා අමාරුවෙන් බෙල් එක දෙතුන්පාරක්ම ඔබාගෙන ඔබාගෙන ගියා.. ටික වෙලාවකින් ගෙදර ඇතුළින් හුරුපුරුදු බිරුම් සද්ද වගයක් ඇහෙද්දි රධ්‍ය ලැගේජ් හැන්ඩ්ල් එක අතට හයියෙන් ගුලි කරගත්තා.. ගේට් එක ඇරුණා..

" ක-කොල්ලො.. රධ්‍ය..!!!"

රධ්‍ය කලන්තෙ වෙලා බිම ඇදගෙන වැටෙන්න ගිය අන්තිම මොහොතේ අනුරාග් රධ්‍යව ඉක්මනින් වාරු කරගත්තා.. පැයගාණක ගුවන් ගමනෙ මහන්සියයි.. හිතට දැනෙන පීඩනයයි රධ්‍යගෙ ඇඟේ හයිය අඩපණ කල්ලා තිබුණා..

" මා-මෙහ්හ්.."

ඊළඟ මොහොතම රධ්‍යට හැමදේම කළුවර වෙලා පෙනෙද්දි ආධ්‍ය එයා දිහාට දුවගෙන එනවා විතරක් බොඳ වුණු ඇස් වලින් පෙනුණා..

ආධ්‍ය රධ්‍යව කාමරේකින් පරිස්සමට හාන්සි කරවලා නින්ද යන්න බෙහෙත් දුන්නා.. ආධ්‍ය එයාගෙ සහෝදරයා.. එයාට හැමදේම දැනෙනවා.. රධ්‍යගෙ මූණෙ තිබුණු වෙහෙස.. ඇස් වල මලානික පෙනුම.. අවසානයේ තමන්ගෙ සහෝදරයාත් තමන් වැටුණු වලටම ඇදගෙන වැටුණා කියන හැගීම ආධ්‍යගෙ හිතට තදින්ම කාවැදුණා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now