123 කොටස

15K 1.5K 503
                                    

" මේහ්.. ඊස් දෙයා එනිබොඩි.. හෙලෝ සනෙරු.. මම මේ කතාකරන්නෙ කියාන්ගෙ ගෑණූළමයා.. හලෝ~"

" ම්ම්හ්.. කියහන්.."

මම මර නින්දක ඉඳලා ඇහැරෙද්දි කළුවරත් වැටිලා.. දැන් පැයක විතර ඉඳලා ෆෝන් දෙකම වයිබ්‍රේට් වෙනවා ඉවරයක් නෑ.. රධ්‍ය අයියත් මගේ එහාපැත්තෙ අහපය හතර අටපොලේ දාගෙන කටත් ඇරගෙන ගොරව ගොරව නිදි.. කෝල් එක නවතින්නෙ නැති නිසා බැරිම තැන මම ඒක ආන්සර් කල්ලා කනේ තියාගත්තා.. ඊට ටික වෙලාවකට පස්සෙ ගිරිය පලාගෙන අමුතු සතෙක් එහාපැත්තෙන් කෑගහනවා මට ඇහුණා..

" සනෙරුමල ඔයා නිදිද අනේ.. ඇයි නිදි.. ඔයාලා යම්කිසි-"
" ආශු මොනවද ඔය අහන්නෙ.. ෆෝන් එක දෙන්නෙ මෙහෙට්ට.."
" ච්ප්.. ඔයා කට පියාගෙන ඉන්නවද.. මම මේ සනෙරුට දෙකක් කියන්න ගත්තෙ.. අනිකා ඔහේ.. අන්ඩර්පැන්ට් තීෆ් මම අල්ලගන්නම්කො.."

" කියහන් මොකද.. හයියෝ උඹ නිදාගන්න දෙන්නෙත් නැ මගුල.."

" ඔයා නිදි වුණාට අපි නිදි නෑනෙ.. මේ සනෙරු.. තමුන්ගෙ මිනිහා හදාගන්නවා හරී.. මම ආයෙ නොකිව්වයි කියන්න එපා.. අනිකා සෙනුක.. ඌටත් මම කිව්වෙ නෑ කියන්නෙපා.."

" කිව්වෙ නෑ කියන්නෙ..?? ඉස්සෙල්ලම කියපන්කො මොකක්ද උඹ ඔය කියවන්නෙ කියලා.. උඹට පිස්සුද.."

" පිස්සු.. හහ්.. පිස්සු හැදෙයි තා ටිකකින්.. මට ප්‍රෙශර් වගේ අනේ.. අපේ මිනිහගෙ අල්මාරියෙ කොහොමද රධ්‍ය අයියගෙයි අයුක අයියගෙයි යටකලිසම් තියෙන්නෙ.. මට පැහැදිලි කරන්න.. අපේ මිනිහා ජංගිහොරෙක්ද කොහෙද සනෙරු.. මටනම් මේවා හිතලා කොණ්ඩෙත් යන්න අරගෙන තියෙන්නෙ.."
" ආශු!! බොගෙ කොණ්ඩෙ යන්නෙ එව්වා හිතලද ලෝකෙම තියන දහජරාව උලලද.. මේ ෂනෙරුවා.. මේකිට මොකක් වෙලාද බං මේ.."

" උන් යාළුවොනෙ බං.. එහෙම වෙන්නැති.."

" එහෙමද.. නැත්නම් මට සැකයි අනේ අපේ මිනිහව.. දැන් බලන්න මෙයා.. ඔයාල මගේ යාළුවො වුණා කියලා ඔයාලගෙ යටකලිසම් තියෙද මගේ අල්මාරියෙ.. නෑනෙ.. කියද්දිත් බ්වෑක් වමනෙට එනවා අනේ.."

" උඹට මගේ එකක් ගෙනැත් දෙන්නද අල්මරියෙ දාගන්න.. සෙනුකයගෙත් එකක් තිබ්බා අපේ ගෙදර.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now