24 කොටස

20.9K 2.1K 351
                                    

මම හිටියේ කාමරේ ඇදේ ඉදගෙන බිත්තියට ඔලුව ගහගෙන සිවිලිම දිහා බලාගෙන.. වෙලාව පාන්දර දෙක හමාරයි.. ඒ වුනාට නින්ද යන්නෙ නෑ.. කොහොමත් මට රෑට නින්ද යනවා අඩුයිනෙ.. හවස අම්මගෙන් පිට පැලෙන්න පාරක් කාලා බැනුම් කෝටියක් අහගෙන රධ්‍ය අයියා ඉස්සරහම පච වෙලා මම මීමින්නා වගේ කාමරේ අස්සට වැදිලා හිටියේ.. අත කර වටේ එල්ලගෙන මොකාද එකා වගේ.. ආර්ම් ස්ලින්ග් එක නිසා නින්ද යන්නෙත් නෑ හරියට.. මේ මගුල ඉක්මනට හොදවුනොත් හොදයි..

ගෙදර ඇවිත් මම අරූට බැනලා ෆෝන් එක ඕෆ් කරනවා කිව්වට මොකද අන්තිමේ රෑ එකොළහට විතර ඒකා මට කෝල් එකක් අරගෙන බැනලා බැනලා ෆෝන් එක තිබ්බා.. ඕන්නෑ ඔය මිනිහව.. බනින්නයි පුප්පන්නයි විතරනෙ දන්නෙත්.. ඒ වුනාට ඉතින්.. මාත්.. ආදරෙයි වගේනෙ.. ඕන්නෑ කියලත් බෑනෙ..කමක් නෑ ඌ මොකක් වුනත් ලෝයල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්නෙ.. මොකක්ද වැඩක් තිබ්බලුනෙ කරන්න.. කෑම්ප් එකෙන් ආවා කියන්නෙ මේකා මටත් නොකියා රන්ටැඹේවත් යන්නද.. අනේ එහෙම වුනොත් මේකා මාසෙකට ඉස්කොලෙ නෑනෙ.. යයිද දන්නෙ නෑ.. මම පටාර් ගාලා ෆෝන් එක අරගෙන රධ්‍ය අයියට කෝල් එකක් ගත්තා..

ම්ම්..ම්ම්.. එකපාරක් කට් වුනා.. මේකා නිදිද.. ඔව්නෙ පාන්දර දෙකහමාරට මිනිස්සු නිදාගන්නැතුව මක් කරන්නද නේද.. ඒ වුනාට මම ෆෝන් එක ආන්සර් කරනකන්ම කෝල් ගත්තා.. යාන්තම් දෙවෙනි කෝල් එක ආන්සර් කලා..

" හලෝ.. නිදිද.."

" ම්ම්..හ්.."

" මේ අද කවුද අර ඉස්කෝලෙට ආවයි කිව්වෙ.."

" ම්ම්.. "

" නැගිටපන් අයියෙ මොන මගුලක්ද.. මම කෝල් ගත්තහම නිදිද.. "

" ම්ම්.. වරද් .."

" නෑ මම සෙලීනා ගෝමස් කතාකරන්නෙ.. අනේ නැගිටිනවකො අයියෙ අහන්න දෙයක් තියෙනවා.."

" කියහන් බං.. අහගෙන ඉන්නෙ.."

" බෑනෙ ඔයා නිදිනෙ.."

" පොඩ්ඩක් ඉදපන්.."

මට ෆෝන් එකෙන් ඇහුනා සර සර ගාන සද්දයක්.. ඇති යන්තම් නැගිට්ටද කොහෙද.. 

" ම්ම්.. කියන්න බලන්න.."

" මේ ඔයා කෑම්පින් යනවද.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now