159 කොටස

12.4K 1.6K 773
                                    

" කෝ බං අපේ එකා.."

" මටනම් කලින්ම හම්බුණා.. බැක්ස්ටේජ් ඇති.."

අද අපේ කැම්පස් එකේ ෆැකලටි සේරම එකතුවෙලා කාම් මියුසික් ඊවිනින් එකක් කරනවා.. නෙළුම් පොකුණෙ.. මම සෙනුකටත් එක්ක ටිකට් ගත්තා.. කියාන් අයියා මේ දවස්වල ලංකාවෙ නැති නිසා ආශි, අම්මලාගෙ ගෙදර ගිහින් ඉන්නෙ.. එන්න වෙන්නෙ නෑ කියලා කිව්වෙ.. මමයි සෙනුකයයි ආවෙම චමිරු ප'ෆෝම් කරනවා බලන්න.. අපේ ගෙදර ආධ්‍ය අයියයි බබාලා දෙන්නයි නැවතිලා.. ආධ්‍ය අයියා ආච්චි එක්කමයි ඉන්නෙ.. මගේ ආච්චි සතුටින් ඉන්නවා.. මට බලන්නත් හරි ආසයි.. එයා අන්තිමට මාමගෙ ලමයිනුත් හුරුතල් කරනවා..

මුලදි නම් මාමට හුඟක් බැන්නා.. කිසිමදෙයක් අපිට නොකිව්ව එක ගැන.. මගේ අසනීප ගැන.. හැමදේම මාමට කියලා බැන්නා.. ආච්චිඅම්මා හොඳයි වගේම තමා අනිත් පැත්තට බනින්න ගියාමත්.. ඉඳලා හිටලා බනිද්දි හිතට දැනෙනවා වැඩී.. මාමා මම කවදාවත් දැකලා නැති තරම් ඇඬුවා.. ආච්චිඅම්මගෙ කකුල් දෙක ගාව වැටිලා.. ඒත් ආච්චි අපේ ප්‍රශ්න දන්නෙ නෑ.. ඒවා දැනගන්න ඕන නෑ..

ලබන සතියෙ මම ඔලිම්පික් වලට ලොස් ඇන්ජලිස් යනවා.. අන්තිමට මම නැශනල් ප්ලෙයර් කෙනෙක් වුණා.. ඒ ගියාම අම්මව බලන්න පුළුවන්.. අම්මා මාත් එක්ක කතාකළා.. මාමා මොකක්ද කරන ලැජ්ජ නැති වැඩේ ඇහුවා.. ඒත් අකිල අංකල් ඒකට අම්මට දොස් කියලා තිබ්බා වගේම මමත් මගෙයි රධ්‍ය අයියගෙයි සම්බන්ධෙ අම්මට කිව්වා.. අම්මා මුලදි හුඟක් ඒකට අකමැති වුණත්, එයා ඉන්න රටේ ඕවා සාමාන්‍ය දේවල් වෙලා තිබුණ නිසා අකිල අංකල්ටයි සඳෙව් අයියටයි අම්මට ඒක පැහැදිලි කල්ලා දෙන්න පුළුවන් වුණා.. ලොකු අම්මා මාමට වචනයක්වත් කිව්වෙ නෑ.. පාඩුවෙ හිටියා.. බබාලා බලන්නත් හස්බන්ඩ් එක්ක එහෙ ගියා කියලා කිව්වෙ.. ආධ්‍ය අයියට බබාලා ගැන ඇඩ්වයිසස් දුන්නා කිව්වා.. කිරි දෙන්න ඕන කොහොමද.. කෑම දෙන්න ඕන දේවල් කොහොමද.. එයාලව ෆෝන් වල වැඩිය තියන්න එපා.. ඔහොම දේවල්..

ලොකුඅම්මා තේරුම් අරගෙන ඉන්නවා.. මම කියන්නෙ 'මගේ තාත්තා' නෙමෙයි කියලා.. එයා වයසට යද්දි හුඟක් දේවල් තේරුම් අරගෙන.. ආයෙම එයාගෙ වචනෙන් මම කාලකණ්ණියෙක් නෙමේ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now