142 කොටස

9.6K 1.5K 322
                                    

" Who is this LITTLE boy.. gosh!! this is so much fun.."

මම මගේ රැකට් එක අතට තදකරගත්තා.. රබර් ග්‍රිප් එකට අත තදවෙලා රතුවෙලා යන්නම.. 

" Yes.. definitely fun!"

මම නෙට් එක ගාවට ඇවිත් එහාපැත්තෙ ඉඳපු උස පිරිමි ළමයට ෆිස්ට් බම්ප් එකක් දුන්නම ඌ මට නෝන්ඩියට හිනාවුණා.. හැමෝම එක වගේ හොඳයි කියලා අපිට කියන්න බෑනෙ.. මේ වගේ හාල්පාරුවොත් ඉඳලා හිටලා මට සෙට් වෙනවා..

මැච් එකේ මගේ රවුන්ඩ් එක පටන්ගද්දි මෙහෙන් වෙලාව දෙකට ඇති.. මට එහාපැත්තෙ හිටියෙ මැලේශියා වලින් ප්ලේ කරන්න ආපු හොම්බට හැටක් අනින්න හිතෙන පිටසක්වල ජීවියෙක්.. ලංකාවෙ මම දැකලා, ප්ලේ කලා තියන ඉන්ඩෝ ස්ටේඩියම් වගේ නෙමේ.. මේක වෙනමම අත්දැකීමක්.. මම මෙහෙම තැන්වල ජීවිතේට ප්ලේ කල්ලා නෑ.. විශේශෙන්ම මෙච්චර සෙනගක් ඉස්සරහා.. කැමරා ඉස්සරහා.. හැමදේම පොඩ්ඩක් විතර මගේ හිතට බයක් ගැස්මක් එකතු කළත් මම හොඳ හුස්මක් අරගෙන පහළට දැම්මා.. කොච්චර කිව්වත් ඉවෙන්ට් එක පටන්ගද්දිම දැනෙන ටෙන්ශන් එක මට හරි හිසරදයක්.. ඉස්කෝලෙ මීට් එකක් නෙමෙයි, මම ලංකාව කොහේහරි නියෝජනය කරනවා කියලා දැනෙද්දි බයයි.. කෝච් කොච්චර රිලැක්ස් වෙන්න කිව්වත්.. ඒක ගේම් එකට එන්ටර් වෙලා විනාඩි පහ හයක් වෙනකල්ම ලොකු ප්රෙශර් එකක් දැනෙනවා.. අනික මේක ටීම් විදියට කරන ගේම් එකක් නෙමෙයි නිසා මට ලොකු හිතට අමුතු ගතියක් දැනෙනවා..

ඉස්කෝලෙදි ඕනතරම් වොලිබෝල් බාස්කට්බෝල් හොකී අරවා මේවා ප්ලේ කල්ලා ඇති.. ඒත් මාත් එක්ක තව ලොකු කට්ටියක් නෙට් එකෙන් එහාපැත්තෙ ඉන්නවා.. බැඩ්මින්ටන් එතෙන්දි හුඟක් වෙනස් වෙන්නෙ හැමතැනම මම තනියමම ප්ලේ කරන නිසා.. මම පොඩිම පොඩි වැරැද්දක් කළත් ඒක සෑහෙන්න හොඳට පේන්න ගන්නවා.. අනික මුළු අවධානෙම ඕඩියන්ස් එකේ මගේ පැත්තට තියනවා.. 

මම නෙට් එකේ ඈතට ඇවිල්ලා කෝච් දිහා බැලුවා.. ඒ ඇස් දෙක කෙලින්ම මගේ දිහා බලාගෙන හිටියා.. හරි තදින්.. උඹ මේක කරන්න ඕනමයි කියලා ඒවා කියනවා.. මම බැන්ඩනා එක උඩට කල්ලා හදාගෙන රැකට් එක අතට තද කල්ලා අල්ලගත්තා..

" Set your goals high, don't stop until you go there.."

මගේ එහාපැත්තෙ හිටිය එකා මට ඇහැක් ගහලා මට සමාන දුරකින් හිටගත්තා.. ප්‍රැක්ටිස් වලදිත් මූ මට කින්ඩිය දානවා.. මූණ ගලවලා අතට දෙන්න හිතයි..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now