72 කොටස

19.2K 1.8K 311
                                    

" ෂනෙරුවා.. නැකිටපා................................................................න්!!!!!!!!!!!!!!!!!!!!!!"

මම උඩ ගිහින් ඇහැරුනේ කන ගාවින්ම මහා හයියෙන් මොකෙක් හරි අමුතු සතෙක් කෑගහපු නිසා.. මම මල් වත්තක ඔංචිලි පැද පැදගෙ හිටියෙ.. මේකට කොහෙන්ද මේ ගල් ඉබ්බි ආවෙ..

" උඹේ මූණෙ මම තේක හලන්නද.. ඔය අයියවත් නැගිට්ටුවන් පහළට එනවද.."

මම ඔලුවෙ ඉඳන් වහගෙන ඉඳපු බෙඩ්සීට් එක පහළට දාලා හැරිලා බැලුවහම මහීශා ඉන්නවා තේ දෙකකුත් අතේ තියාගෙන මහසෝනා වගේ ඇඳ ගාව..

" තියලා පලකො.. මම එන්නම්.."

මහිශා කකුල උස්සලා මගේ කොන්දටත් පාරක් ගහගෙනම තේක නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තියලා දොර වහන් යන්න ගියා.. මම පොඩ්ඩක් නැගිටලා මොලේ ප්‍රොසෙස් කරගන්නගමන් හිටියේ.. මම කොහොමද මේ සුදුපාට කැනපි එකක් දාපු විසාල කාමරේක ඉන්නෙ කියන එක ගැන..

හරි නෙ..

මම ඊයෙ ඇල්ලෙ ආවනෙ.. සැක් ඔලුව විකාර වෙනවා උදේ පාන්දර.. මේ ගල් ඉබ්බි ඇවිත් මාවත් හොල්මන් කලා යන්න ගියා.. මම එහෙමම ඇඳේ අනිත් පැත්තෙ බ්ලැන්කට් එක උසලා බලද්දි රධ්‍ය අයියා ඉන්නවා අත පය හතර අට පොලේ දාගෙන කටත් ඇරගෙන මොකෙක්ද වගේ නිදාගෙන.. රෙද්ද කැලේ.. 

රෙද්ද කැලේ කිව්වෙ.. ඊයෙ අපි එන්න හෙනට රෑ වුණා.. එන්න හිතාගෙන හිටියෙ හත හමාර විතර වෙද්දි වුණහ් ඊටපස්සෙ කෑම කන්න හොටෙල් එකකා ගිහින් එතන කෙලින්න ඕන සේරම පිස්සු බයිලා කෙලලා රිසෝට් එකත් හොයාගෙන වැස්සෙම එද්දි රෑ වුණා.. 

රිසෝට් එක කොහොමද කියලා මම දන්නෙත් නෑ.. මොකද ඊයෙ බෑග් එකක්වත් අරගෙන නෙමේ කාමරේට ආවෙ.. මම හීනෙන් වගේ දැක්ක විදියට මේක මාරම ලස්සනයි.. සම්පූර්නෙන්ම ලෑන්ඩ් එකම අඉට දිලා තිබුනා.. ඒකෙ මැද්දෙ තනිකරම වුඩී තීම් එකට තට්ටු දෙකකට මේක හදලා තිබුනේ..පි හිටියේ උඩ තට්ටුවෙ කාමරේක.. මේ කාමරේ ඇඳවල් දෙකක් තිබුනා.. අනිත් එකේ සෙනුකලා හිටියේ.. ආශිටයි මහීශාටයි පහළ කාමරයක් ඕන කිව්ව නිසා උන් දෙන්නට පහළ දීලා උඩ කාමර දෙකේ අපි හිටියේ.. අපිට ඉස්සරහා කාමරේ සයෝන් අයියයි කියාන් අයියයි.. ආධ්‍ය අයියා පහළ තනි කාමරේක නතර වුනා.. එයා ඉතින් ලොකුයිනෙ.. අපි එක්ක ඉන්න බෑ සද්දෙ වැඩී දගලනවා පරක්කුවෙලා අපි නිදාගන්නෙ කියලා එයා ගියා ඒ කාමරේ භාවනා කරන්න.. පිස්සු මස්සිනෙක් තමා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now