122 කොටස

15.2K 1.5K 407
                                    

" ඒ මාර අව්වයිනෙ.. පිච්චෙනවා වගේ.."

මම මූණට උඩිත් අතක් තියාගෙන රධ්‍ය අයියගෙ හෙවනැල්ලට මුවා වුණා..

" අර ලිට් සොසයිටියෙ රඟපෑවා වගේ.. කුඩයක් ගෙනැත් දෙන්නද කරක කරක ඉන්නෙ.."

" කුඩේ අරගෙන ගහගන්නවා-"

රධ්‍ය අයියා මගේ දිහා ඇහිබැම අකුලලා බැලුවහම මම පොඩ්ඩක් එහාට වෙලා හිටගත්තා.. ඒත් ඇත්තනෙ.. අර හෙන පොඩි කාලෙ ගෑණියෙක්ට ඇඳගෙන ඩ්‍රාමා එකක හිටපු නිසානෙ මේ මිනිහා මට මෙහෙම අපහාස කරන්නෙ.. සිරිමැටි සිත්තරාවියි, කුඩ කෙල්ලොයි, ෆ්ලෙමින්ග් ජූන්ලයි මේ ලෝකෙ ඉන්න සේරම ගෑණූ චරිත මේ මනුස්සයට මගෙන් පේනවද දන්නෙ නෑ.. මටනම් රධ්‍ය අයියගෙන් පේන්න තියෙන්නෙ පස්සයි පොළොස් කොට්ටෝරුවෙකුයි විතරයි.. වෙන මොකුත්ම පේන්නෙ නෑ.. පස්ස විතරක් පෙනුනහම හොඳටම ඇති මටනම්.. මම කියන්නෙ ඒක ඉතින් ඇහැට කනට පේන්න තියනවනෙ.. කනට පෙන්නෑ හැබැයි.. ඇහැට පේනවා.. මගේ අතට දැනෙනවා.. 

" ගහගන්නවා??"

" සාක්කුවෙ අනේ සාක්කුවෙ.. මොකද ඔහොම බලන්නෙ.. මම ඔයාට සිප්පි කට්ටක් අහුලලා දෙන්නද ඒයි.."

" ඕන නෑ.."

" නැත්තෙ නෑ ඉන්න හොයලා දෙන්න.. සිප්පි කට්ටක්.. ඔයාට ලොකු එකක්ද ඕන.."

මම බිමට නැමිලා වැල්ලෙ සිප්පි කටු තියෙද කියලා බැලුවා.. රධ්‍ය අයියා තියන බලු කමට අර ලොකු තාරාවෙක් වගේ ශර්ට් එකම මට ඇඳගෙන එන්න කියලා සෑහෙන්න බලහත්කාරකම් කල්ලා, අන්තිමේ බැල්කනියෙනුත් පහළට තල්ලු කරන්න ගිහිල්ලා මම ජීවිතේට තියන ආසාවට කහපාට තාරාවෙක් ඉන්න ලොකු ටී ශර්ට් එකයි ඒකට කොට ශෝට් එකකුයි ස්ලිපර්ස් දෙකකුයි  දාගෙන බීච් එකට එන්න ආවා.. අපි එද්දිත් හුඟක් අය බීච් එකේ ඉන්නවා. හුඟක්ම හිටියේ ෆොරිනර්ස්ලා.. එයාලා බිම මැට් එලාගෙන පස්සවල් උඩ දාගෙන අවුව තපිනවා.. මටනම් තේරෙන්නෑ මේ ගිනිගහන අවුවෙ මොනවා තපින්න තියෙනවද කියලා.. ලංකාවෙ ජීවත්වෙන මනුසයෙක් හැටියට අපේ හම මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන එක හොඳයි අපි අව්වෙ ඉන්න තරමට.. ස්පෝර්ට්ස් මීට් කාලෙ ජැකට් අරවා මේවා දාගෙන හිටියත් අම්මටසිරි වෙන්න පිච්චෙනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now