144 කොටස

10K 1.5K 212
                                    

ජීවිතේ හැමදෙයක්ම වෙනස් වෙන්න යන්නෙ කොච්චර පොඩි වෙලාවක්ද කියන එක මට මගේ ජීවිතේ සමහර අත්දැකීම් වලින් දැනිලා තිබ්බත් ඒක තදින්ම දැනුනේ මේ පැය කීපෙදි.. මම ආයෙ ආයෙම හිතනවා බලාපොරොත්තු කඩ වෙන එක කොච්චර නරක දෙයක්ද කියලා.. ඒක කොච්චර වරදකාරී පසුතැවෙන හැගීමක්ද කියලා.. මට පහුවෙන හැම ගහ කොළක්ම.. හැමදේම මගේ හිතේ පාරගන්නෙ නෑ කියලා පරිස්සම් කරපු හැම අඟලක් ගානෙම මාව තුවාල කළා.. මෙච්චරකල් දුක දැනුණත් නොදැනෙන ගාණට මම ජීවත් වුණා.. ඒත් දැන් මට දැනෙනවා මම ඉන්නෙ පිච්චෙන හැගීමක.. මට ඒක හොඳටම දැනෙනවා..

මට හිතේ තරහයි.. දුකයි.. මට හිතන්නම සෑහෙන්න දේවල් තිබුණා.. මට හිතන්න බයයි.. මට කලන්තෙට වගේ.. දැන් නම් මට හිතෙනවා මොකටද කෑවෙ නැත්තෙ කියලා.. මගේ නොසැලකිල්ල නිසා හුගක් දේවල් වෙනවා කියලමයි මට දැනෙන්නෙ.. අඩියක් තියපු තැනම මහා පාතාළෙකට කඩන් වැටෙනවා කියන්නෙ.. ඒක සුළුපටු නෑ.. මම නැගිටගන්න ට්‍රයි කළා විතරයි.. පළවෙනි අඩියෙම මට හුඟක් දේවල් නැතිවුණා.. මම ඉස්සරහට යද්දි මට කොච්චර දේවල් නැතිවෙයිද මම දන්නෙ නෑ.. ආධ්‍ය අයියට සනීප වෙලාද ඩිස්චාර්ජ් වුණේ.. එයාලා නොකියා යන ගමනට බලෙන්ම ඩිස්චාර්ජ් වුණාද කියන්න දන්නෙ නෑ.. ආධ්‍ය අයියගෙ යාළුවො කවුද මම දන්නෙත් නෑ.. මාමගෙ යාළුවො මම අඳුරන්නෙත් නෑ.. අප්පච්චිගෙ අය කවුරුත් දන්නෙත් නෑ.. මම දන්න.. මම වැඩිපුරම දන්න කෙනත් ළඟින්ම ආශ්‍රය කලේ මම වෙලා.. මම මොකුත්ම නොදැනැන හිටියේ මගේ මොන නොසැලකිල්ලකටද මට හිතෙනවා..

ජීවිතේ හමුවීම් එක්ක වෙන්වීම් තියනවා කිව්වට.. මම බලාපොරොත්තු වුණු වෙන්වීම මේක නෙමේ.. 

මට අන්තිම වතාවක් දෙනවනම්.. එදා රධ්‍ය අයියා ගත්තෙ අන්තිම ෆෝන් කෝ එක කියලා දන්නවනම්.. එදා මාමට තුරුල් වුණේ අන්තිම වතාවට කියලා දන්නවනම්.. ආධ්‍ය අයියගෙ සිනිදු කම්මුලක් ඇල්ලුවෙ අන්තිම වතාවට කියලා දැනුණනම් මම ඒ ඔක්කොම ආපහු ගන්නවා.. මට ආයෙම ඒවා හරිගස්සන්න ඕන.. ආයෙම මාමට තුරුල් වෙලා මාමට ආදරෙයි කියන්න ඕන.. රධ්‍ය අයියට ආදරෙයි කියන්න ඕන.. මට අවස්ථාවක් ඕන.. ආයෙ හැමදේම ආපස්සට ගිහින් හරිගස්සන්න..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now