49 කොටස

17.9K 1.9K 246
                                    

බිග්මැච් එකෙන් පස්සෙ ආයෙම සාමාන්‍ය විදියට ඉස්කෝලෙ තිබ්බත් අපිට ඉස්කෝලෙ යන්න පුලුවන් වුනේ දවස් තුනයි.. ඉතුරු දවස් දෙකේ රිවිශන් වැටුනා.. නට නට ඉදියට අර විභාගෙ කියන රබර් බෝලෙ සැරින් සැරේ මගේ හිත උඩට එද්දි මම ආයෙම අනවශ්‍ය වැඩ සේරම අහකට තල්ලු කල්ලා පාඩම් කරන්න ගත්තා.. ආයෙම එපාවෙන කට්ටක් කන්න වුනා.. ක්ලාස් යන්න එන්න දවසෙම බංකු රත් කර කර ඉන්න.. 

ඒ අස්සෙ ලොකු අම්මලත් අම්මට කතාකලා දොස් කියලා තිබ්බා මම අවුරුද්දට එයාලා එනකොට ඉන්නෙ නැතුව කලින්ම කොළඹ ආපු එකට.. අනේ හොදයි.. උන් එන නිසාම තමා මම කලින් පැනගත්තෙ.. ඊටපස්සෙ උන් ආවහම ඒ පම්පෝරි අහගෙන බලු කතා අහගෙන මම ඉන්න එපැයි අඩු කුලේ එකා වගේ දෙකට තුනට නැමීගෙන. හුගක් වෙලාවට මව ප්‍රතික්ශේප වෙනවා කියලා දැනෙන තැන් වලින් මම අයින් වෙනවා මිසක් ඒවා එක්ක හැප්පෙන්න යන්නෙ නෑ.. හැප්පුනා කියලා මට තෑගි ලැබෙන්නෙ නෑනෙ..

ගිය සතියෙ ඉදලා මම ක්ලාස් යන එන වෙලාවල් වල අපේ ගෙවල් පැත්තෙදි කවුරුහරි මගේ පස්සෙන්ම එනවා කියලා මට නිතරම දැනෙනවා.. මට අම්මා ගැන බයක් හිතුනා.. අම්මා ගෙදර හැමතිස්සෙම තනියම ඉන්න නිසා..

අදත් මම ක්ලාස් යන්න උදේ හත හමාරට විතර හෝල්ට් එකට ආවහම පාරෙන් එහාපැත්තෙ මම පේන දුරින් මොකෙක් හරි බයික් එකක ඉදලා මම බස් එකේ නැග්ග ගමන්ම එතනින් යන්න ගියා.. ගියෙත් අපේ ගෙවල් පැත්තට.. මට ආයෙම බස් එකෙන් බහින්න විදියක් තිබ්බෙ නෑ.. අනිත් පැත්තට අම්මට කෝල් එකක් අරගෙන මහීශලාගෙ ගෙදර මගේ පොත් වගයක් තියෙනවා.. ඒක අම්මට අරන් එන්න පුලුවන්ද කියලා අහලා අම්මා උදේ එහේ යැව්වා.. මහීශාත් ඔය ප්‍රශ්නෙ දන්නවා.. මට අම්මට කියන්නත් බයයි අම්මා කලබල වෙන නිසා..

කොහොමත් අපේ අම්මා එහෙ ගියාම ලේසියකට එන්නෙ නෑ.. ආන්ටි එක්ක කියවලා කාලා බීලා එද්දි පොඩ්ඩක් හවස් වෙනවා.. ආයෙම එන්නෙ ඉතින් මම එන වෙලාවට රෑට උයන්න තමා..

මම බයෝ ක්ලාස් එකේ ඉද්දිත් සර් කියන මෙලෝ දෙයක් ඔලුවට යන්නෙ නෑ.. අම්මවම මතක් වෙනවා. උදේ පන්තියට ඉදලා හවස ගෙදර යන්න හිතුවත් මට යන්න විදියක් තිබ්බෙ නෑ.. හවස සෙමින එකක් දාලා තිබ්බ නිසා ඉන්ස්ටිටියුට් එකෙන් එලියට යන්න දෙන්නෙ නෑ.. යන්නනම් පේරන්ට් කෙනෙක්ගෙන් ප'මිශන් තියෙන්න ඕන..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now