81 කොටස

15K 1.7K 398
                                    

" ආච්චිඅම්මෙ.. අන්න අන්න එහාගෙදර රක්තපාත කිකිලි මෙහෙට එනවා.. මේ මම නෑ කියන්න හොඳේ.."

" මෙහ් කොල්ලො.. ඔහොම හිටු.. මම කොහොමද නෑ කියන්නෙ.. මේ වාහන දෙකකුත් මිදුලෙ.."

" මට බඩේඅමාරුවක් හැදිලා ටොයිලට් එකේ කියන්න.."

මම එකසැරේට පිටිපස්සට හැරිලා දුවගෙන ඇවිත් කර්ට්න් එකෙන් එහාපැත්තෙ ඉඳපු කළුගලක හැප්පිලා කර්ට්න් එකත් කඩාගෙන එහෙමම බිමට පතබෑවුණා.. අදනම් කනවා අම්මගෙන් පුප රත් වෙන්න. ඒ වුණාට දැන් දුවන්න ඕන ජීවිතේ බේරගන්න.. මම බිම වැටිලා ඉන්න එකාවත් පාගගෙන දුවන්න ගිහින් ආයෙම රෙද්දෙ පැටලිලා දෙවෙනි පාරටත් එහෙමම බිම ඇදගෙන වැටුනා..

" අම්මෝ කොන්ද බං.. මොන ලබ්බක්ද කරන්නෙ මේ.."

අම්මටසිරි කර්ට්න් එකෙන් වැහිලා ඉන්නෙ රධ්‍ය අයියද.. මම කර්ට්න් එක උස්සලා පොඩ්ඩක් මූණ බැලුවා.. ඔය ඉන්නෙ ඉන්දියන් කතාවක, සාරිපොටෙන් ඔලුගෙඩිය වහගෙන ඉන්න, අලුත් බැඳලා ගෙදරට ආපු ලේලි පොඩ්ඩ වගේ.. ඔලුවත් කර්ට්න් එකෙන් වහගෙන.. මොට්ටුවක් තිබ්බනම්.. සුවප්නා රොටීද කවුද වගේ ඉඳී..

" ආත්තම්මේ.. මෙහේ අයියා ආවයි~"

උඹේ අයියලා මෙහේ නෑ බේසික කෙල්ලේ.. 

" ආ.. ඉන්න බලන්න දුව.. සුදුමහත්තයා~!!!"

" කවුද වරද්.."

" මේ අල්ලපු ගෙදර රක්තපාතෙ හැදිච්ච එකියක් ඉන්නවා.. ගෙට එබෙන්න කලින් මට යන්න මේ රෙද්ද ලිහලා දෙනවකෝ.."

මම අල්ලපු ගෙදර 'අ'යන්න කිව්වා විතරයි රධ්‍ය අයියගෙ මූණ හට්ටියක් වුණා..

" ඇයි ඉතින් දුවන්නෙ.."

" දුවන්නෙ..? මට බෑ ඒකි එක්ක කතාකරන්න.. මල වාත කෝච්චියක්.. කෝච්චියක් නෙමේ දුම්රිය දෙපාතමේන්තුවක්.."

මම රධ්ය අයියගෙ ඇඟ උඩ බිම වැටීගෙන එහා ගෙදර කෙල්ල ගැන පැහැදිලි කරද්දි අපේ මාමා එතනින් යන්න ගිහින් ආයෙම රිවස් එකට ඇවිත් අපි දෙන්නා දිහා බලාගෙන හිටියා..

" මේ මොකද ළමයි මේ.."

" අනේ මාමෙ රෙද්ද පැටලිලා.. ලිහලා දෙනවකො.. මම වෙලේ, අර මැද්දෙ පැලට යනවා.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now