161 කොටස

10.7K 1.4K 263
                                    

" good morning sir.."

" oh..g-good morning.. I'll take this.. sorry.."

" that's fine sir.."

මම රූම් බෝයි ගෙනැල්ලා දුන්න ට්‍රේ එක අත් දෙකින්ම අල්ලගෙන ඒක අරගෙන ඇතුළෙන් තිබ්බා.. කාමරේට එන්නවත් ඉඩක් නෑ දොර ගාව තඩි බෑග් ගොඩකුයි මල් බොකේ ගොඩකුයි ගොඩගහලා.. කව්ද යකෝ මේවා මෙහෙම තියලා ගියේ.. එක්කො මම නිදාගෙන වැඩිද.. අඩු වයසෙන්ම මගේ මොලේ හොඳනැති වෙලා.. 

මම වෙලාව බලද්දි දවල් එකොළහත් වෙලා.. මේ ටයිම් ලයින් වෙනස් නිසා පුරුදු වෙලාවටම නින්ද යනවා.. මම දොර ගාව තිබ්බ සේරම මල් ටිකයි බෑග් ටිකයි උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බා.. ලොස් ඇන්ජලීස් වල ඉන්න ශ්‍රී ලන්කන්ස්ලා මට විශ් කල්ලා මේ දවස්වා සෑහෙන්න මල් එවනවා.. එක එක ගිෆ්ට්ස් එවනවා.. පොඩි බබාලා ඇඳලා එවන බෙස්ට් ඔෆ් ලක් කාර්ඩ්ස් හම්බෙනවා.. එක එක පොඩි පොඩි දේවල් එවනවා.. අනිත් දේවල් ගේන්න ප'මිශන් දීලා නෑ.. අනික මම කැමතිත් නෑ.. මම ඇඳ උඩ තියන චූටි කාඩ් එකක් අරගෙන දිග ඇරියා..

Taliya-6ys oldie
WISH YOU LUCK HERO
I LOVE YOU ❤

මට සතුටු හිතුණා.. අනේ උදේ පාන්දර නොවුණත් උදේ පාන්දරම මාව දියවෙනවා වගේ.. මම මල් බොකේ ටිකෙත් එල්ලලා තිබුණ ටැග්ස් එකින් එක කියවන ගමන් අත දික් කල්ලා මගේ කොෆී එක අරගත්තා.. දැන් මෙහෙම ඇවිත් සති තුනක්.. මම ඉන්නෙ පුදුම ස්ට්‍රෙස් එකක.. එකදිගට මැචස් විතරමයි.. රටවල් තුන්සිය එකසිය ගාණක් එක්ක මැචස් තිබුණා.. 1000, Super 750, Super 500, Super 300 and Super 100 කියලා ටූනමන්ට්ස් තියනවා.. ඔය හැම එකකින්ම වින් කළාම තමා ඒකෙන් තෝරගන්න අට දෙනෙක් ඔලිම්පික් ෆයිනල්ස් යන්නෙ.. කියන්න සතුටුයි.. අට දෙනා අස්සෙ මාත් ඉන්නවා.. BWF එකෙන් 2nd place එක මම වින් කළා.. ලංකාවෙ පළවෙනි පාරට..!!

මට සතුටුයි දෙයියනේ!!!

ලොස් ඇන්ජලිස් දැන් එකම පිස්සුවක් වෙලා තියෙන්නෙ.. ඔලිම්පික් වලට ලෑස්තිවෙනවා.. මම ආසම ඔලිම්පික් එක තිබ්බෙ මම පොඩිකාලෙ රියෝද ජැනයිරෝ වල..ඒකනම් පිස්සුවක්.. මම ගමේ ඉඳගෙන කට ඇරගෙන ඕක දිහා බලාගෙන හිටියා. ෆයර් වර්ක්ස්, ඒකෙ ඉවෙන්ට්ස්.. අම්මෝ පිස්සු හැදෙනවා.. දෙදාස් දාසයෙ සමර් ඔලිම්පික් එක.. අවුරුදු දෙළහකට පස්සෙ මම ටීවී එකෙන් දැකපු සමර් ඔලිම්පික් එක මම දැන් ඇස් දෙකෙන් දකිනවා.. ඒකෙ ප්ලේ කරන්න යනවා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now