16 කොටස

20.5K 2.1K 148
                                    

( මම ඊයෙ අංක දාද්දි පොඩ්ඩක් වැරදිලා තිබ්බා ලමයී.. සොරි වෙන්නෝන..)

අයුක අයියයි මගේ පොල්පිති හරකයි කාමරෙන් ගියාට පස්සේ රධ්‍ය අයියා එක්ක මම උගෙ රීඩින් ටේබල් එකේ පැත්තක පුටුවකුත් තියාගෙන මේකා අර බැලුවයි කිව්ව තීම්ස් ටිකයි ඩිසයින් ටිකයි බලලා හොද ඒවා ටිකක් සිලෙක්ට් කරගන්න ගමන් හිටියේ.. ඒ අස්සේ රධ්‍ය අයියා මම අත තියාගෙන හිටපු කහ පාට කවරයක් දාපු පොත හදිසියේම ඇදලා අරගෙන උගෙ ලාච්චුවක් අස්සට දාලා ඒක යතුරත් කරකලා යතුර මල්පෝච්චියකට දානවා මම බලාගෙන හිටියේ.. ඌ හිතුවද දන්නෙ නෑ මම උගෙ පොත් අවුස්සන්න මෙතෙන ආවා කියලා.. මට වැඩේමනෙ පොත් අවුස්සන්න.. ඒ මදිවාට ඇදේ නවල් දෙකතුනකුත් පෙරලලා දාලා තිබුනා.. දැන් ඉතින් එක්සෑම් ඉවර නිසා මේකා හෙන ආතල් එකේ ඇත්තෙ.. අපි තමා නහින්නෙ..

" වරද්.. මේක හොද නැද්ද.."

" අපෝ බෑ බෑ ඕකට හෙන කොස්ට් එකක් යාවි.. අනික ඕක චාම් වැඩී.. අපේ හවුස් එක කැපිලා පේන්න ඕන අනිත් ඒවට වඩා.."

" එහෙනම් මේක.."

" ඒකතමා මම මුලින් කිව්වෙ මේක හොදයි කියලා.."

" ඒවුනාට ඒක චාම් වැඩී නැද්ද.."

" ඇයි මනුස්සයො.. මේක ගලා පාටි එකක් කියලා හිතුවද.. මෙහෙම චාම් විදියට හොදයි.."

" චාම් ලු කැපිලා පේන ඕනලු.. එකක් හරියට කියපන්කො.. මගුල.."

" ඉතින් චාම් විදියට කැපිලා පේන්න කරන්න කියලා මම කියන්නෙ.."

" අනේ මට තේරෙන්නෙ නෑ උඹ මොකක් කියවනවද කියලා.. හා දැන් උඹ කියන විදිය මට තේරුම් කල්ලා දීපන්කො.."

රධ්‍ය අයියා මගේ සිලෙක්ශන් වලට අකමැති නිසා මට මල පැන්නා.. ඇයි යකො.. කියන මෙලෝ මගුලක් මූට හොද නෑ අරකයි මේකයි.. අපරාදෙ මූ එක්ක වැඩකරන්න ආපු එක.. 

" මම කියන්නෙ මේක හොදයි කියලා.. තේරෙන්නැද්ද මනුස්සයො.."

" දැන් උඹට ඕන මේකද.. හරියට කියපන්.. ආයෙ අහන්නෙ නෑ.."

" ඔව් ඔව් මේකම තමා ඕන.."

" ආ එහෙනම් ඕකෙ ප්‍රින්ට් අවුට් එකක් ගනින්.. උඹ එක්ක මේවා සිලෙක්ට් කරන්න ඇවිල්ලා මගෙ හිස කකියනවා දැන්.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now