2 කොටස

30.4K 2.6K 615
                                    

" එක්ස්කියුස් මී මැඩම්.. වරද් ෂනෙරු..????"

මම හිටියේ ලාස්ට් පීරියඩ් එකේ හෙනටම කලකිරිලා.. ලාවට නිදිමතකුත් සෙට් වේගෙනම ආපු නිසා අම්මා දවල්ට මොනවා හදලද කියලා හිත හිත බාගෙට ඇස් වහන් උන්නු මම උඩ ගිහින් ඇහැරුනේ පිසික්ස් මැඩම්ගෙ කටේ සද්දෙට.. ඒකනම් කටක් නෙමෙ ආයෙ ඉතින් වැඩක් නෑ කතාකල්ලා..

" ෂනෙරූ..... "

" යස් මැඩම්.."

" ඔයාට එන්න කියලා පණිවිඩයක්.. ගිහින් බලලා ඉක්මනට එන්න දරුවෝ.. මම තාපමිතිය කොටස ඉවරකරන්න ඉන්නේ.."

" හරි මැඩම්.."

මම එහෙම කියන ගමන් කෝකටත් නිල් පෑන සාක්කුවේ ඔබාගෙන පන්තියෙන් එලියට යද්දී පන්තියෙන් එහා බැම්මට හේත්තුවෙලා කලිසම් සාක්කුවල අත් ඔබාගෙන හිටියේ රධ්‍ය අයියා.. මම එලියට ඇවිත් මනුස්සකමට ඌ එක්ක හිනාවෙද්දී මේ යකා ගැස්සිලා වගේ මගේ දිහා බලලා මටත් රවලා පඩිපෙල දිහාට යන්න ගත්තෙ මාව බලු බෙට්ටක් ගානටවත් ගනන් නොගනිද්දි.. මමත් ඉතින් මටත් මොකෝ කියලා හිතාගෙන උගෙ පස්සෙන් ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට..

" ෂනෙරු.. අපි නෙක්ස්ට් වීක් වෙද්දි ස්පෝර්ට්ස්මීට් එකේ ප්‍රැක්ටිසස් පටන්ගන්නවා.. ඔයාගෙ ක්ලබ් එකේ වැඩ කොහොමද..??"

අයුක අයියා මගෙ දිහාවත් නොබලා මොනවදෝ ලිය ලිය අහද්දි තමයි මට මතක් වුනෙත් ඉස්කෝලෙ බැඩ්මින්ටන් ක්ලබ් එකේ කැපා මම කියලා.. මේ වැඩ අස්සෙ පංතියි අරවයි මෙව්වයි ගෙදර ප්‍රශ්නයි එක්ක උසස් පෙලේදි මට ක්‍රීඩා බාහිර ක්‍රියාකාරකම් එහෙම්පිටින්ම මග ඇරුනා.. ක්ලබ් එකේ වැඩ බලන්නෙත් මම දන්න කියන මල්ලිල්ල දෙන්නෙක්.. ඒ නැතුව මම පැත්ත පලාතෙවත් ගියේ නෑ..

" කරගෙන යනවා අයියෙ.."

" හොදයි.. දැන් ජිම් එකේ මීටින් එකක් යනවා ස්පෝර්ට්ස් ක්ලබ් වල කැප්ටන්ස්ලගෙ.. ඔයා එහෙට යන්න.. ඒ ගමන් මේක සයෝන්ට දෙන්න පුලුවන්ද..?"

" හරි අයියෙ.."

මම අයුක අයියා දීපු ක්ලියර් බෑග් එක අරගෙන ජිම් එක පැත්තට දුවද්දි ජිම් එකේ කොනක හදලා තිබ්බ ස්ටේජ් එක උඩ රධ්‍ය අයියයි සයෝන් අයියයි මොනවදෝ කියවනවා.. වටේ ඉන්න උනුත් අහගෙන ඔලු වනනවා.. මම ඉතින් ඇගවෙන්නෙ නැතිවෙන්න හිමින්සැරේ කට්ටිය අස්සට රිංගගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now