112 කොටස

12.8K 1.5K 326
                                    

මම දොර අරිනවත් එක්කම මට වඩා වේගෙන් දොර ඇදගෙන අපේ මාමා මගේ උරහිසේත් හයියෙන් වැදීගෙන හෝල් එකේ කොනේ පඩිපෙල බහැගෙන පහළට යන්න ගියා.. මම ස්කූල් බෑග් එකත් කරේ එල්ලගෙන පුදුම වෙලා අපේ මාමා ගිය දිහා බලාගෙන ඉඳලා ගේ ඇතුළ බැලුවහම ආධ්‍ය අයියා මූණ අත් දෙකින්ම වහගෙන එහෙමම සෝෆා එකට කඩාවැටුණා.. මම කරේ එල්ලන් හිටිය බෑග් එක එහෙමම පැත්තකට විසික් කල්ලා දුවගෙන ගිහින් ආධ්‍ය අයියව ඇඟට වාරු කරගත්තා.. අයියව වෙවුලනවා වගේ.. අපේ මාමට පිස්සුද මේ අසනීපෙන් ඉන්න අයියත් එක්ක මෙහෙම රණ්ඩු වෙන්නෙ.. මට මාමා එක්කත් කේන්ති ආවා.. යකෝ!! අසනීපෙන් ඉන්න මනුස්සයෙක් එක්ක.. වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති..

" ආධ්‍ය අයියේ.. අයියේ.. මොකද මේ.."

මම ආධ්‍ය අයියව උරට වාරු කරගත්තහම ආධ්‍ය අයියගෙ ඇඟ සීතල වෙලා තියෙනවා මට දැනුණා.. මට බය හිතෙනවා..

" කතාකරන්නකො අයියෙ.. ඇයි මේ.. ඇයි ඔයාලා රණ්ඩු වුණේ.."

"....."

" අයියෙ.."

" ම්ම්.. චූටි.."

" අයියා අසනීපෙන් නේද.. මේ බලන්න ඔයා සීතල වෙලා.."

මම අයියව සෝෆා එකට හේත්තු කල්ලා එයාගෙ කණ්ණාඩි දෙක මූණෙන් ගලවලා පැත්තකින් තිබ්බා.. ඇඟ සීතල වුණාට අයියගෙ මූණට සීතලට ඒත් දාඩිය දාලා.. 

" චූටි මගේ.. ඉන්හෙලර් එක.. ඒක.."

" ඕ කොහෙද.. ඔයාගෙ සාක්කුවෙ නේද.."

ආධ්‍ය අයියා ඔලුව පොඩ්ඩක් හෙලෙව්වහම මම සාක්කුවට අත දාලා ඉන්හෙලර් එක අරගෙන ඒක ආධ්‍ය අයියට දුන්නා.. මොනවද දෙයියනේ මේ වෙන්නෙ.. මම ආධ්‍ය අයියා ඉන්හෙලර් එක අදින දිහා බලාගෙන ඉඳලා එයාගෙ ශර්ට් එකේ උඩ බොත්තම් දෙක තුන ඇරියා.. හොස්පිට්ල් ගිහින් එහෙමම ඇවිත් තියෙන්නෙ.. ඊටපස්සෙ කකුලෙ තිබ්බ මේස් දෙකත් ගලවලා පැත්තකින් තිබ්බා.. 

" කරදර වෙන්න-කැහ්-එපා චූටි.."

" කරදරයක් නෙමේ.. අයියට හුස්ම ගන්න අමාරුද.. එන්නකො කාමරේට යමු.. මෙතන ඉන්න අමාරුයි.."

" කමක් නෑ චූටි.. එහෙම ලොකු ප්‍රශ්නයක්-කැහ්-නෑ.. මම හොඳින්.. පොඩ්ඩක් කලන්තෙ වගේ.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now