146 කොටස

10.2K 1.5K 311
                                    

" දැන් නම් මට නිවීසැනසිල්ලේ ඇස් දෙක පියාගත්තැහැකි.. මගෙ කොල්ලා ඒකත් හොඳට පාස් වුණානෙ.. උඹ දන්නෑ මේ ආච්චිඅම්මට කොයිතරම් සතුටුද කියලා.. ඈ කොල්ලො.."

" පාඩුවෙ ඉන්න ආච්චිඅම්මෙ.. ඇස් පියාගන්න හැයි හැයි තමා.."

" පරිස්සමට අඩිය තියලා වරෙන්.. මේ පේනවනෙ ලිස්සනවා.."

මම අලුතින් බැඳපු නියර දිගේ ආච්චිඅම්මා පස්සෙන් ඇවිදන් ගියා.. අපේ වෙල මැද්දෙ නියර දිගේ ගියාම ගඟ පැත්තට යන්න ලේසි.. බස්නාවට පල්ලෙහායින් ගඟ අද්දර හෙනට දර තියනවා.. කවුරුත් කඩන්නෙත් නෑ.. ඒකනිසා මමයි මාමයි වෙනදට ඒ පැත්තෙ දර කඩන්න යනවා.. ආච්චිඅම්මා පණ්ඩිතයිනෙ.. මමයි සෙනුකයි ගිහින් එන්නම් කිව්වහම සෙනුකව ගෙදර තියලා ආච්චිඅම්මා මාවත් ඇදගෙන ගඟ පැත්තෙ ආවා.. ආච්චිඅම්මගෙ හිතේ හයිය මිසක.. ඇඟටනම් මේවගේ මෙච්චර දුව ඇවිදින්න හයියක් නෑ.. ඒ වුණාට නොකරත් බෑ උණ වගේලු.. අපේ ආච්චිගෙත් අමුතු කතා තමා තියෙන්නෙ..

අපේ ආච්චි හෙන උජාරුවෙන් ඉන්න මම විභාගෙ පාස් වුණා කියලා.. හරියට ආච්චිඅම්මා කැම්පස් යනවා වගේ.. ඇත්තටම මගේ හිතේ විභාගෙ ගැන නම් පොඩිම පොඩි පසුතැවීමක්වත් නෑ.. හිතේ සැරින් සැරේ අළුයට අඟුරු වගේ උඩට එන ගිනි පුපුරු තිබ්බත් මේ වෙලේ මම ඉවසගෙන හිටියා.. රධ්‍ය අයියා මම ළඟ නැති එක මිසක් අනිත් හැමදේම හොඳ විදියට සිද්ධ වෙනවනේ කියලා මම ටිකක් හරි හිත හදාගත්තා.. එයා එයාගෙ හීන වලට යන්න පටන් ගනී කියලා මම හිතුවා.. 

හැමදාම එහෙම ඉඳලා බෑනෙ.. එයාට මට වගේ ම හීන හුඟාක් තිබ්බා.. මට හැමදේම නොකිව්වත් එයා එයාගෙ අනාගතේ ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉඳපු කෙනෙක්.. ඒවා විනාසවෙන්න නොදී එයා අල්ලගෙන ඉඳීවි කියලා මම දන්නවා.. කොහේ හිටියත් පරිස්සමට ඉන්නවා නම් එච්චරයි.. හැමෝම පරිස්සමින් ඉන්න ඕන.. මගේ මාමට ජීවිතේ සතුටින් පටන්ගන්න දැන්වත් පුළුවන් වෙන්න ඕන.. මාමා සතුටින් ඉන්නෙ ආධ්‍ය අයියා ළඟනම් අනිවාරෙන්ම ආධ්‍ය අයියා ජීවත් වෙන්නම ඕන.. මාමා ලේසියෙන් අතාරින එකෙක් නෙමේ.. මොකක්ම හරි කල්ලා එයා ගොඩ ඒවි කියලා මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now