32 කොටස

18.6K 1.9K 255
                                    

" දැන් ඉතින් ස්පෝර්ට්ස් මීට් තිබ්බා ඒවා ඉවරයි ලමයි.. ඕවා තිබ්බා කියලා දින්නා කියලා ඒ ලෙවෙල් පාස් වෙන්නෙ නෑනෙ.. ඔය ලමයි දැන් ආයෙම පාඩම් වැඩ වලට අවධානය දෙන්න ඕන.. මම එක්සෑම් ටයිම් ටේබල් එක නෝටිස්බෝඩ් එකේ ඇලෙව්වා.. හැමෝම ඒක කොපි කරගන්න අනිවාරෙන්ම.."

ස්පෝර්ට්ස් මීට් තියලා ඉවරවුනත් එක්ක ඉස්කෝලෙට වැස්සක් වැහැලා පායලා වගේ.. අපි ආයෙමත් හිටියේ පෝමලින් ගද ගහන බයෝ ලැබ් එකේ අන්තිම පෝලිමට කලින් එකේ.. මම බයෝ මැඩම් දිහා බලන්නෙ නැතුව මගේ එහාපැත්තෙ කෙමිකල් එකක ඔබ්බලා තිබ්බ මිනිස් මොළය දිහා බලාගෙන ඉදියා.. කම්මැලී හොදටම..

මේ ටිකේ නටලා නටලා ආයෙම ඉස්කෝලෙ වැඩවලට ෆෝකස් වෙන එක ඇත්තෙන්ම අමාරුයි.. ඒ වුනාට ඒවා නොකර බෑනෙ.. අත්‍යාවශ්‍යම දේ ඒකනෙ.. මම නෙමේ රධ්‍ය අයියා කිව්වෙ.. මගේ එහාපැත්තෙ ඉදපු හශානයා තඩි ඈනුමක් යන්න ගිහින් ඒක හිරකරගෙන ඉදලා ඌ අඩලා වගේ ඇස් දෙකේ කදුලු.. මතීශයා හෝ ගාලා බයෝ රිසෝස් බුක් එක හයිලයිට් කරනවා.. සෙනුකයා පාට පාට පෑන් වලින් මොනවදෝ කියනවා.. මම මොලේ දිහා බලාගෙන ඉන්නවා.. බයෝ මැඩම් නම් කියවන එක සාපයක්.. හැමදාම එක පීරියඩ් එකක්ම කරන්නෙ අපිට බනින එක..

" දැන් අපි කතාකරමු පාකින්සන්ස් රෝගය ගැන.."

මේ මොළේ කාගෙද දන්නෙ නෑ නේද.. සමහරවිට මගේ ගිය ආත්මෙ වෙන්නත් බැරි නෑ. එහෙම වුනොත් මේක ඓතිහාසික හමුවීමක් තමයි.. ඒ කියන්නෙ මම දැන් මේ බලාගෙන ඉන්නෙ මගේ කලින් ආත්මෙ මොලේ දිහා.. ඒක පොඩ්ඩක් පොඩියි වගේනෙ..

" මේ රෝගය මොළයෙහි මධ්‍ය මොළය , පාදස්ත ගැංග්ලියා ඩෝපමයින් ස්නායු සම්ප්‍රේශක නිදහස් කරන නියුරෝනවල ක්‍රමික හායනයක් හා සම්බන්ධයි.."

දැන් මේ මැඩම් ගත්තොත්.. අපිට මහ ලොකුවට උගන්නනවා පාකින්සන්ස් ලෙඩේ ගැන.. ඒ වුනාට ලෙඩේට බෙහෙත් තියෙද.. නෑ.. සුව කරන්න බෑ.. ඒ වුනාට අපි පාඩම් කරන්නෝන හෙන ගොඩක්.. මේකට සුව වෙන ලෙඩ ගැන විතරක් දැම්මනම් ඉවරනෙ..එතකොට ලියන කෙනත් සතුටින්.. කියවන අපේ බයෝ මැඩමුත් සතුටින්..

මම අපිට දැනට මාස හතරකට විතර කලින්ම ඉවර කරපු පාඩම දිහා බලන් ඉදියා.. මම මේක පාඩම් කල්ලනෙ තියෙන්නෙ.. ඒ මදිවට ඊයෙ රෑ එකොළහට විතර අර ගැටපොලොස් කොට්ටෝරුවට කෝල් එකක් අරගෙන සරල අනුවර්තීය චලිතය ගැන ප්‍රශ්නයක් අහන්න ගිහින් ඒකගෙන් මහා පරිමානෙන් බැනුම් අහලා දේශනේකට සවන් දෙන්නත් වුනානෙ.. ඌ නම් කියයි.. ඒකා ඉතින් මැත්ස් කරපු එකානෙ.. අනික ඒකත් සිංහල මීඩියමුත් නෙමෙයි.. මම ඌට මගේ ප්‍රශ්නෙ සිංහලෙනුත් කියලා ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්නත් ඕන.. හරි මගුලක් තමයි ඒක.. ඌ දැනගන්න එපැයි සිංහල තේරුම..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now