125 කොටස

14.9K 1.6K 594
                                    

' නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත~'

මම හිටියේ අපිට පහුවෙන ගස්කොළං දිහා බලාගෙන.. ඊටවඩා ඉතින් හයිවේ එකේ වෙන බලන්න දෙයක් නෑනෙ.. ඕන්නම් අපිට ඉස්සරහින් යන මාමගෙ කාර් එක දිහා බලාගෙන ඉන්න පුළුවන්.. ඒත් ඒක දිහා බලන් හිටියා කියලා මට හතරමහ නිධානෙ පහළ වෙන්නෙ නෑ.. උදේම අපි ගමේ ගෙදරින් එන්න ආවා.. ආච්චිඅම්මව දාලා කොළඹ යන්නත් ලෝබයි.. පුළුවන් වුණානම් හංගගෙන උස්සන් එනවා මගේ ආච්චිඅම්මව.. ඒ තරමට ආච්චිඅම්මා පරිස්සමින් ඉඳපන් කොල්ලො කියන වචන ටිකට හිතට පුදුම හයියක්.. කියලා නිමකරන්න බෑ.. සමහරවිට මම මගේ අම්මටත් වඩා ආච්චිඅම්මට ආදරේ ඇති.. මොකද පොඩි කාලෙ ඉඳලම මගෙ එහිතට 'හොඳයි' කියලා තදින්ම කාවැදිලා තියන 'ගෙදරක් වගේ' හැගීමක් ගේන කෙනා තමයි ආච්චිඅම්මා.. මම කවදාවත් හිතන්නෙ නෑ ආච්චිඅම්මා වයසයි කියලා.. එතකොට ඉබේටම ඇස් වලට කඳුළු උනනවා.. 

සමහර චරිත අපිට ජීවිතේ හම්බෙනවා.. එයාලා වයසට යන්න ඕනම නැහැ.. මේ ලෝකෙ අමරණීය වෙන දේවල් තියනවනම් ඒවා අතරට එයාලත් අනිවාරෙන් එකතුවෙන්නම ඕන..

ආච්චිඅම්මා නම් කියන්නෙ කවදහරි කළ හොඳ ඉතුරුවෙනවා කියලා.. එතකොට අපිට අමරණීය වෙන්න පුළුවන්ලු.. හොඳ කෙනෙක් විදියට.. නැත්නම් ඉතින් හිට්ලර් අමරණීය වෙලා තියෙන්නෙ හොඳ මනුස්සයෙක් විදියටයැ.. නෑනෙ.. 

' දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්~
මියෙනා දිනයේ
කඳුලක රස විඳි-'

කාර් එකේ ප්ලේ වෙවී තිබ්බ සිංදුව රධ්‍ය අයියා නවත්තලා දැම්මා.. ඒ එක්කම සිංදුව අහ අහ හිටිය මම එයා දිහා බැලුවා.. එයාගෙ මූණ ආපු වෙලේ ඉඳලම තියෙන්නෙ ලොකු අවුලකින් වගේ.. සමහරවිට කොච්චර කිව්වත් ගෙදර යන්න බය ඇති.. දුක විඳපු එකානෙ ඒකෙ අමාරුව දන්නෙ.. මම කොච්චර කිව්වත් මට ඒක තේරෙනවා විතරයි.. දැනෙන්නෙ නෑ.. මොකද මම එහෙම පිටේ හම පැලෙන්න කාගෙන්වත් බෙල්ට් පාරවල් කාලා නෑ.. මම කාගෙන්වත් ඔහොම තදින් බැනුම් අහලා නෑ.. මම  බැනුම් අහලා තියෙන විදියයි දුක විඳලා තියන විදියයි එයාට අනුව වෙනස්.. දුක දුකම තමා.. මම කිව්වෙ හිතට අරගන්න විදිය වෙනස්..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now