69 කොටස

17.8K 1.8K 345
                                    

" බෑ බෑ මාව ට්‍රිප් එකක් එක්කගෙන පලයා...............................න්!!!!!!!!!!!!!!!!!!!"

මමයි රධ්‍ය අයියයි කාමරේ ඉඳන් පල්ලෙහාට එද්දි ආශි සාලෙ මැද්දෙ බිම පෙරලිලා මහා හයියෙන් අඬනවා.. ලතෝනි තිය තිය.. කියාන් අයියගෙ මූණ තිබ්බෙ නිකන් තැලිච්ච කෙහෙල් ගෙඩියක් වගේ චප්ප වෙලා.. ඕකතමයි මම කියාන් අයියට කිව්වෙ මේකි වගේ ඕවර් ඇක්ටින් දඟලානා ඩ්‍රාමා ක්වීන් කෙනෙක් එක්ක යාළුවෙන්න කලින් දෙපාරක් හිතපන් කියලා.. කොහෙද මූට ඒකි ඕනමයි කිව්වනෙ.. සාලෙ හැමෝම මුවි එකක් බලනවා වගේ කියාන් අයියගෙයි ආශිගෙයි ඩ්‍රාමා එක බලාගෙන ඉන්නවා.. 

" බබා මේ අහන්නකො.. ලබන සතියේ මට රගර් මැච් එකක් තියෙනවා.. පොඩ්ඩක් මන්ත් එන්ඩ් එක වෙනකල් ඉන්නකො.. අනික ඔයාලගෙ ගෙවල් වලින් ප'මිශන් නැතුව කොහොමද යන්නෙ.. නෑ බං කෙල්ලො දෙන්නෙක් එහෙම එවයිද මං අහන්නෙ.."

" තවුසෙගෙ එදා ඉදන් තිබ්බෙ බොරුව තමා.. මම කිව්වෙ මහීශා.. මේකා කිව්වෙ කොහොමද.. ඉර දෙන්නම්, හඳ එන්නම්, තරු දෙන්නම්, පණ දෙන්නම්, වකුග-ම්හ් අරකයි මේකයි කියලා.. මට තවුසෙ එපා.. මම යනවා ගෙදර.. ඩ්‍රයිවර්ට කතාකරනවා!!!!!!!!!"

ආශි බිමින් නැගිටලා කැඩිලා තිබ්බ කොණ්ඩෙ උඩට කල්ලා ගෙඩියක් බැඳගත්තා..

" ඒ ඒ මොකෝ මේ.. ආශි උඹ යන්නද.. ඇයි අඬන්නෙ.."

මටත් නිකන් ඉන්න බැරි කමට ගිහින් උන්ගෙ කතාව මැද්දෙන් පැන්නා විතරයි ආශි දදා ඉදපු හීල් එකෙන් එකක් කකුලෙ දාගෙන අනිත් එක අතේ තියාගෙන මං ගාවට නොන්ඩි ගගහා පැන පැන ආවා..

" මම යනවා ෂනෙරු.. ගුඩ් නයිට්..ලව් යූ.."

" ඒ මොකෝ යන්නෙ.. උඹලා රණ්ඩු වුනාද.."

" නෑ හලෝ මේකෙ තේරුමක් නෑ.. මම යනවා.."

" ඉතින් මොකක්ද වුණේ කියපන්කො.."

" මේ තවුසෙ මට කෑගහන්නෙපා.. ගහනවා හීල් එකෙන්.. උඹත් උඹලගෙ ඉස්කෝලෙ අනිත් හරක් වගේ තමා.."

ආශි මගේ කොලර් එකෙන් හොල්ලලා හොල්ලලා හීල් එකත් උස්සලා මට ගහනත් ගියා.. යකෝ මම මොනා කලාටද..

" මොකද ලමයිනේ මේ කෑගහන්නෙ.. මොකක්ද වුනේ.."

මේ සේරම යුද්ධ මැද්දෙ ආධ්‍ය අයියා දිව්‍යලෝකෙන් අපායට වඩින දිව්‍යලෝකෙ දේවදූතයා වගේ හිමින් හිමින් තාලෙට පඩිපෙළ බැහැගෙන ඇත් ගමනින් අපේ ළඟට ඇවිත් එයාගෙ මහා කරුණාබර කටහඩ අවදි කලා.. මරු කතරට දිය පොදක්..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now