66 කොටස

14.9K 1.7K 195
                                    

" දෙයියන්ගෙ පිහිටෙන් මයෙ කොල්ලා විභාගෙ හොදට ලියලා වරෙන්.. උඹට වරදින්න විදියක් නෑ.. මම දන්නවනෙ.. මගෙ කොල්ලා කොහොම හරි ගොඩ යනවා.. තෙරුවන් සරණයි රත්තරනේ.."

" හරි ආච්චිඅම්මෙ.. මම ගිහින් එන්නම් හොදේ.. බුදුසරණයි.. ආදරෙයෝ..~"

මම උදේම ආච්චිඅම්මගෙන් ආපු කෝල් එකට ආන්සර් කල්ලා ආච්චිඅම්මගෙ ආදරේ පිරුණු කටහඬ අහුවා.. අවුරුදු දහතුනක් ඉස්කෝලෙ ගිහින් අදින් පස්සෙ මම ඉස්කෝලෙ ඉගනගන්න එකෙක් නෙමෙයි වෙනවනෙ.. ආයෙම මටම කියලා පන්තියක් නෑ.. මුල්ම දවසේ තිබුනේ බයෝ එම් සී කිව්.. ඒකටනම් හිතේ බයක් තිබ්බෙ නෑ.. මට ශුවර් එකක් තිබ්බා බයෝ නම් ලොකු අවුලක් නෑ කියලා.. තර්ඩ් ටර්ම් ටෙස්ට් එකෙයි අනාවරණ පරීක්ශනෙයි දෙකේම මට ඔක්කොම සබ්ජෙක්ට්ස් වලට හැත්තෑවෙන් උඩ තිබ්බා.. ඒකම කොච්චර දෙයක්ද.. බයෝ වලටත් අසූ පහක් තිබුණා.. අපේ ක්ලාස් එකේ මැඩම් කිව්වේ අන්තිම පේරන්ට්ස් මීටින් එකේ ෂනෙරුට බාහිර වැඩ නොතිබ්බනම් මීට වඩා හොඳ ළකුනකට වුනත් යන්න තිබ්බා කියලනෙ.. අනේ මේ මැඩම් දන්න තරම තමා.. මට මෙහෙම හොදයි..

ඒ එක්කම 'ටිං' ගාලා ෆෝන් එකට මැසේජ් එකක් ආවා..

මාමා : උඹ ඒ තුනක් අරං නාවොත් පුතේ ලෑස්තිවෙලා ඉදපන් අල්ලපු ගෙදර කෙල්ලව කසාද බඳින්න.. අම්මපා උඹව බන්දලමයි මේ මාමා පස්ස බලන්නෙ.. බී එස්.. 

Adhya : Prayers and good thoughts are coming your way..
Get 'em, tiger!!!

Rdhya (DGC) : ඉස්කෝලෙ කලර්ස් නයිට් එකේ වැඩ වගේකට මම ඉස්කෝලෙ බී බ්ලොක් එකට එනවා.. විනාඩි පහකට බුදුමැදුර ගාවට එනවද..

මම ෆෝන් එක ඕෆ් කල්ලා පුටුසෙටිය උඩට දාලා බෑග් එක ආයෙමත් හරිද බලලා එළියට බැස්සා.. අපේ අම්මා සුදු පාට පිච්චමල් මල් දාපු වතුර එකකුත් අතේ තියාගෙන දොරකොඩ ගාව හිටගෙන ඉදියා..මම ගිහින් අම්මට වැන්දා..

" බුදුසරණයි සුදුමහත්තයො.. හොදට විභාගෙ ලියන්න.."

" හොදමයී.. මේ මම මේක බොන්න ඕනද.."

" ඔව් ඉතින් පොඩ්ඩක් විතර.."

" මේකෙ මල් නෙ අප්පා.. කොහොමද බොන්නෙ.."

" සුදුමහත්තයා!!!!"

අපේ අම්මා කේන්තියෙන් රතු වෙන හැටි සාමකාමීව බලාගෙන ඉදපු මම වතුරත් බීලා අම්මගෙ නළලටත් හාදුවක් දීගෙනම එළියට බැහැලා එන්න ආවා.. අපේ ලේන් එකේ තව උසස් පෙළ ලියන ඩයල් එකක් ඉන්නවා ටිකක් එහායින්.. ඒකා හැබැයි අපේ ඉස්කෝලෙ නෙමේ.. මම දන්න කියන එකෙක්.. ක්ලාස් එහෙම යන්න සෙට් වෙනවා ඉඳලා හිටලා.. ඌ හැමදාම ක්ලාස් එන්නෙ පැය බාගයක් විතර පරක්කුවෙලා.. නිවීසැනසිල්ලෙ.. කාලාබීලා.. එහෙම එකෙක්.. උගේ ඉස්කෝලෙ ගේට්ටුවේ විතරයි ලොකුවට ගහලා තියෙන්නෙ 'අප්පමාදෝ අමතපදං' කියලා.. අද ඉතිං මම යද්දි ඌත් මගින් මට සෙට් වුණා.. ඒකා කලේ කොමස්..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now