37 කොටස

19.6K 2K 510
                                    

" කෝ ෂනෙරු පුතා ඕක අදින්නැද්ද.. හැමෝම ඇදලා ඉවරනෙ.."

මම උඩ ගිහින් බිම වැටුනේ ක්ලාස් එකේ මැඩම් මගේ පිටිපස්සෙන් කතාකරන සද්දෙ ඇහුනු නිසා.. මේ මැඩම්ටත් අනේ මන්දා.. කොල්ලො ඇදුම් අදින අස්සෙ මොනව කරනවද මන්දා.. මම බැනියම විතරක් ඇදගෙන හිටපු නිසා දඩාස් ගාලා අර දෙපැත්ත පලපු සරුවාලෙ ඇගට දමාගෙම මැඩම්ගෙ පැත්ත හැරුනා.. මැඩම්නම් කියයි.. මේක අදින පැත්ත අම්මා කිව්වට මට හොයාගන්න බෑනෙ..

" ආ මැඩම්.. මේ මම කලින් මේව ඇදලා නෑනෙ.."

" කෝ මෙහෙ දෙන්න බලන්න.."

මැඩම් අර සරම අරගෙන දෙපාරක් තුන්පාරක් විතර සර්ච් කල්ලා මට හරි පැත්ත හොයලා දුන්නා..

" මේ පැත්තට ෂනෙරු.."

" තෑන්ක් යූ මැඩම්.."

මම බඩ මැද්දෙන් අර සරම ගැටගහගෙන කෝකටත් කට්ටක් ගහගත්තා.. අවුරුදු උත්සවේ එපාවෙන්නෙ මේ ලබ්බෙ සරම අදින එක තමා.. මම ජීවිතේට සරම් අදින්නෙ නෑ.. මොකද මම එහෙම එකක් ඇදගෙන බැරිවෙලාවක් ඇදේ නිදාගත්තොත් සරම හොයාගන්න වෙන්නෙ අල්ලපු ගෙදර කමනි ඇන්ටිගෙ වැට ගාවින් තමා.. මම දගලන දැගලිල්ලට සරම රෝල් වෙලා කරට ඇවිත් ඊටපස්සෙ මම ඒක නින්දෙන්ම ගලෝලා විසික් කරනවා.. අන්තිමට හොදට හුළං වැදි වැදි රෙදි නැතුව නිදාගන්න පුලුවන්.. ඒකනිසා කෝකටත් බේත සෝට තමා.. කකුල් දෙක දාගත්තා උඩට ඇදගත්තා නිදාගත්තා.. සරලයි..

මම අර ඇදුම කොහොමහරි අටවගෙන විජේ වගේ කකුල් දෙකත් ගස්ස ගස්ස සෙනුකයා ගාවට යද්දි ඌ නම් ඉන්නවා කහමලියා වගේ කහ පාට අර පැත්තෙන් පටියක් බදින කමිසෙකුයි කළුපාට සරමකුයි ඇදගෙන.. මුගෙ පස්ස යකෝ.. තියෙනවා පිට්ටු ගෙඩිය වගේ පිම්බිලා.. මම කකුල දික් කල්ලා උගෙ පුපට පයින් පාරක් දුන්නා..

" ටහුක් මොන ලබ්-අඩේ ෂනෙරුවා!"

" අවුල් නේ ඕයි.."

" පිස්සුද පගො.. උඹට ඒක ලස්සනයි.. පට්ට.."

" අනේ පලයං බං.. මේ මගුල ඇදගෙන ඇවිදින්නවත් බෑ.. ගැලවෙන්න යනවා.."

මම අර සරමෙ පලපු පැත්තෙන් කකුලක් දාලා මම මගේ සුසිනිදු කකුල ඌට පෙන්නුවම ඌ රතු වෙලා අහක බලාගත්තා.. මල සමයං.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now