48 කොටස

20K 1.8K 403
                                    

මම හිටියේ මගේ කාමරේ අනිත් පැත්ත පෙරළගෙන මගේ මේස් එකක් හොය හොය.. අම්මා මේස් දාපු කූඩේ තිබිලා කළුපාට බෑන්ඩ් එකක් තියන සුදුපාට මේස් එකේ එකක් තිබිලා හම්බුනාට ඒකෙ අනිත් එක හොයාගන්න හම්බුනේ නෑ.. මම මේ තකහනියක් ලෑස්තිවෙන්නෙ ලංකාවෙ පරණම බිග්මැච් එක වෙච්ච අපේ බිග්මැච් එක බලන්න යන්න.. 

බිග් මැච් කිව්වහම ඉතින්.. එක එක විදියෙ ඒවා තියෙනවනෙ.. සුලෝහිත සංග්‍රාමය කියයි.. ආදරවන්තයන්ගේ සටන කියයි.. බැට්ල් ඔෆ් බ්ලූස්, මරූන්ස්, ගෝල්ඩ්ස්, බැට්ල් ඔෆ් රොක්ස් එකී මෙකී නොකී ඒවා බොහෝයි.. ඕකෙ මැච් ෆීවර් නැතුව එන උන්ගෙ නම් ඒකායන පරමාර්තය තමා තම පාසලේ හයිය ගැහැනු පාසලට හා ලෝකයාට පෙන්වීමයි, පිස්සු කෙලීමයි.. කොහොම වුනත් බිග් මැච් මාරම ආතල්.. ඒ කාලෙට තියෙන්නෙ වෙනම කික් එකක්.. සමහර බිග් මැච් තිබ්බා හැමදාම මැච් එක ඩ්‍රෝ වෙන.. එක අතකින් මරදානෙ ගැම්මක් තමා..ඉතින් එදාට සයිකල් පැරඩ්ස් රෝඩ් ශෝ ඕවා සාමන්‍ය දේවල්.. හැම අවුරුද්දකම මේ කාලෙට කොළබ භීශනේ වගේ.. මනුස්සයොත් ඔය භීශනේට ඉතින් හුරුවෙලා හිටියා..

මහීශා නමය වෙද්දි අපේ ගෙදර එනවා කියලා කිව්ව නිසා මම ඉතින් පොඩ්ඩක් දවල් වෙන්න නිදාගත්තා.. ඒ වුනාට අපේ අම්මා ඇදුම් අයන් කල්ලා මට කතාකලේ අට හමාරට.. අපේ අම්මත් මාර ඩයල් එක තමා.. කට ළගට ආවහම 'සුදුමහත්තයෝ දවල් වෙලා නැගිටිනවා' කියලා කෑගහලා පොරවගෙන ඉදපු රෙද්දත් ඇදලා බිමට දාලා යන්න ගියා.. එතන ඉදන් ආයෙම මම මගේ අමතර විනාඩි පහත් නිදාගෙන, ඊටත් පස්සෙ එන අමතර විනාඩි දෙකත් නිදාගෙන ඇහැරෙද්දි වෙලාව නමයට පහ වෙලා.. 

ඊටපස්සෙ මම මහිශාට අනිත් පැත්තට කෝල් කල්ලා කිව්වා නමය හමාරටවත් වරෙන් කියලා.. ඊටපස්සෙ ඉක්මනට ගිහින් නාලා කොණ්ඩෙත් වේලගෙන ඇදගත්තා.. ස්කූල් යුනිෆෝම් යන්නෙ නැතුව අපි ඔක්කොම හිටියේ කලර්ඩ් යන්න.. ඒක ලේසි.. අනික අපි ලොකු නිසා එහෙම ගියාට අවුලකුත් නෑ.. මහීශා ආශි දෙන්නම එන නිසා උන් එන්නෙත් කලර්ඩ් නිසා අර කියාන් අයියා කලර්ඩ් වරෙන් කියලා වැන්දෙ නැති ටික විතරයි අපිට.. හරිම පෞ කියාන් අයියා..

මම ඉස්කෝලෙ බ්ලූන්ගෝල්ඩ් එකෙන් ගත්තු ස්කූල් ලෝගෝ එක ගහපු කළුපාට ඕවර්සයිස්ඩ් ශර්ට් එකට සුදුපාට රිප්ඩ් ට්‍රවුසර් එකක් ඇදලා සුදුපාට ඩෙග් දෙකක් දාලා සුදුපාටම sun visor කැප් එකකුත් දාලා ඉස්කෝලෙ බෑන්ඩ් තොගයක් අතට දාගෙන හැන්ඩියා වගේ ලෑස්ති වුනා.. හැන්ඩියෙක් තමා ඉතින්.. අපෙ අම්මත් මගේ ඔලුව ඉදන් පහළට බලලා අමුතු හිනාවක් දාගෙන කුස්සියට ගියා.. අම්මටත් හිත ගිහිල්ලනෙ පුතාට ඉතින්.. ඊටපස්සෙ මම අඩුවෙන්ම පාවිච්චි කරන මෙන් ප'ෆියුම් එකකුත් නාගෙන ඇස් යට කළුපාට ලයිනර් එකකින් ලයිනර් කරගත්තා.. කලර්ඩ් යන එකේ උපරිම ප්‍රයෝජන ගන්න එපැයි.. අනික මගේ ඇස් දෙකට කළුපාටින් ලයිනර් කලාම අමුතු ලුක් එකක් එනවා.. මම ඒකට ආසයි.. ඊටපස්සෙ අම්මට හොරෙන් තියාගෙන ඉන්න මැග්නට් ඉයරින්ග් එකත් සාක්කුවෙ ඔබාගෙන එළියට බහිද්දි මහීශා අම්මත් එක්ක ඇවිත් හිටියා.. මහීශාගෙ අම්මා අපේ අම්මා එක්ක කතාවක්.. ආශි මම දැක්ක ගමන් කට ඇරගත්තා.. කියාන් අයියට කියන්නෝන ගෑණි මට කෙළ හලනවා කියලා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now