88 කොටස

15.6K 1.6K 418
                                    

" Don't think I fit in at this party
Everyone's got so much to say (yeah)
I always feel like I'm nobody, mm
Who wants to fit in anyway?

'Cause I don't care when I'm with my baby, yeah
All the bad things disappear
And you're making me feel like maybe I am somebody
I can deal with the bad nights
When I'm with my baby, yeah
Ooh, ooh, ooh, ooh, ooh, ooh.."

මම කාර් එකේ පැසෙන්ජර් සීට් එකෙන් ඇදීල ගිහින් ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන ඉඳපු රධ්‍ය අයියගෙ කම්මුලෙන් ඉක්මනට කිස් එකක් තිබ්බා.. එයා මං දිහා නොබලා ඉස්සරහා බලාගෙන ලාවට වගේ හිනාවුණා.. කොහොමත් සම්පූර්නෙන් එච්චර හිනාවෙන්නෙ නෑනෙ.. මූණට රිදෙනවනෙ..

මම යන ගමන් හිටියේ බැඩ්මින්ටන් ක්ලබ් එකට.. අද මගේ ට්‍රේනර් මාව මීට් වෙන පළවෙනි දවස.. අද ඉඳන් මාස ගානකට මම එයාගෙන් ට්‍රේන් වෙන්න ඕන.. එතකොට රධ්‍ය අයියා ඉස්කෝලෙට යනවා.. ගයනිකා මැඩම්ව හම්බෙන්න.. සාගා එකේ ප්‍රැක්ටිස් වලට..

අදනම් මම පොඩ්ඩක් බයෙනුත් වගේ ඉන්නෙ.. මේ රාධාවනී කිව්වනෙ කෝච් සර් සැරයි කියලා.. මොන වගෙ මරාලයක් ඉදිරි අවුරුදු කීපයට මට සෙට් වෙයිද දන්නෙ නෑ.. කොහොමත් මගේ ජීවිතේ මට වැඩි හරියක්ම සෙට් වුණේ මරාලම තමා.. 

" Are you excited..?"

" Yay.. a lot.."

මම කාර් එකේ ප්ලේ වෙන ජස්ටින් බීබර්ගෙයි එඩ් ශීරන්ගෙයි අයි ඩෝන්ට් කෙයා එකට පැද්දි පැද්දි හිටියේ.. 

" ඔයා අද ප්ලේ කල්ලා ඉවරවුණාම මම ඔයාට පීක් පීක් ගාන්නෙ නැති තාරපැටියෙක් ගෙනැත් දෙන්න ඉන්නෙ වරද්.."

ඔය.. ආයෙම පටන් ගත්තා තාර වන්නම නටන්න.. මම කොයි වෙලාවෙද යකෝ තාරාවෙක් ගැන සඳහනක්වත් කලේ.. එදා නාන්න ගියේ නැති එකටද මේ මනුස්සයා මෙච්චර මට අපහාස කරන්නෙ..

" ඇයි දැන් පීක් පීක් ගාන්නෙ නැත්තෙ.."

" ඔයා ඒකට ආස නෑනෙ.. මම සිරාවටමයි කියන්නෙ.. මං ගාව තාරපැටියෙක් ඉන්නවා ගෙදර.."

" අනේ යනවා යන්න.."

" බොරු කියලද දැන් කියන්නෙ.. ඇත්තටම ගත්තා.."

" මොන මගුලක්ද අයියෙ.."

" මගුලක් නෙමේ ඒ ප්ලූශි එක හරි සොෆ්ට්.. ලයික් යොර් චෙස්ට්.."

රධ්‍ය අයියා මගේ දිහා බලලා පපුව දිහා බලලා කට කොනෙන් හිනාවුනා.. මම පපුව අත් දෙකෙන් වහගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now