115 කොටස

12.5K 1.5K 211
                                    

මම කන්න ගත්තු බත් පිඟානත් පැත්තකින් තියලා ගිහින් ආධ්‍ය අයියා කතාකරන්නෙ ඇයි බලන්න දොර ඇරියා.. බලද්දි ආධ්‍ය අයියත් බත් එක අතේ තියාගෙන දොර ඉස්සරහා හිටගෙන ඉන්නවා.. මම එයාට එන්න කාමරේ පැත්තකට වුණාම අයියා මට හිනාවේගෙනම ගිහින් මගේ පුටුවෙන් වාඩිවුණා.. මාත් ආයෙම දොර ලොක් නොකර වහලා ඇවිත් ඇඳෙන් වාඩිවෙලා බත් පිඟාන අතට ගත්තා..

" අයියා කෑම කාමරේ ඉඳන් කන්නෙ නෑ..??"

" බෑ අනේ.. මම මේ පොඩි මස්සිනා හොයාගෙන ආවා.. හොඳ නැද්ද.."

" හොඳයි හොඳයි.. මාමා කෝ.."

" අන්න ටවුන් එකට යන්න ඕන කියලා කන්නෙම නැතුව යන්න ලෑස්ති වෙනවා.. අටපිරිකර වගයක් ගේන්න ඕනලු.."

" ආ.. එහෙමද.."

" කවුද චූටි අර ළමයි දෙන්නා.. ලොකුඅම්මගෙ පුතාලද.."

" ඔව් අයියෙ.."

" මට රධ්‍ය විස්තරයක් කියලා තියේ.. මේ චූටි ඔයා ඒ ළමයි එක්ක කතාවට යන්න තියා මූණවත් බලන්න එපා.. මහ නොසණ්ඩාල ළමයි දෙන්නෙක්.."

" ඔව් පොල් බූරුවො දෙන්නා.. හිතාගෙන ඉන්නෙ හරි ලොකුයි කියලා.."

" ම්ම්.. ඒත් ඔයාලගෙ ගෙදර අය හරි එකමුතුයි නේද.. මම කියන්නෙ පොදු වැඩකදි වුනත්.. මම මෙහෙම කලින් ගෙදර දානයක් තියෙද්දි ඉඳලම නෑ.."

" හෙට මීටවඩා කට්ටිය ඒවි.. රෑ පිරිතත් තියෙනවනෙ.."

" මෙහේ ගඟක් තියෙනවා කිව්වා නේද.."

" ඔව් ඔව් ඈ මටනම් ඔව්වා පෙන්නන්න කියන්නෙපා.. මාමටම කියන්න.. අම්මෝ.. ගුටි කන්න වෙන්නෙ.."

" ඒ මොකද ඒ.."

" එහෙම තමා.. පොසෙසිව් බෝයිපෙන් ඔයාගෙ.. මම මේ මගේ මනුස්සයා නැති දුකින් ඉන්නවා.. ඔයාලා සතුටින් ඉන්නකො.."

" ඔය කිව්වට හෙට වුණාම ඔයාට එව්වා මතක නෑ.. මම දන්නවනෙ.."

" වැඩනිසාද.."

" ඔව්.. මේ ලොකුඅම්මා ඩොක්ට කෙනෙක් කිව්වා නේද.."

" ම්ම්.. එයා හෙන ඔලුවෙන් ඉන්නෙ ඒකනිසා.."

මම එහෙම කිව්වහම ආධ්‍ය අයියා මොකක් හරි හිත හිත ලාවට හිනාවෙලා ලස්සනට අනපු බත් කටක් හිමින් සැරේ කෑවා.. මේ මනුස්සයා කරන කියල හැම වැඩේම අසාමාන්‍ය ලෙස පිළිවෙල මොකද කියන්න මට තේරෙන්නෑ.. එව්වා දිහා බලාගෙන ඉන්න හිතෙනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now