126 කොටස

13.8K 1.5K 473
                                    

" තව මාසයයි සරනේරු!! තමුන් ප්‍රැක්ටිස් වෙන්න යොදවන කාලෙ හොඳටම මදි.."

සැක්.. ඊයෙ මොන මගුලක්ද ඒ වුණේ.. මට.. මට.. වරදයා.. උඹට හොඳම හොඳම වැඩේ අහක හිටපු එකාව අවුස්සන්න ගියේ.. දැන් හරිනෙ අමාරුව.. මම කිව්වා පකයට ගැම්මෙන් ඉඳපන් කියලා ඔය ලැජ්ජාව පැත්තකින් තියලා.. අඩුම ඌ අල්ලන්නෙවත් නැතුව උඹ විහින් නැහිලනෙ ඔක්කොම-

" තමුන්ට මම ගේන්න කියපු ඩොකියුමන්ට්ස් ටික ගෙනාවද.."

නෑ ඉතින්.. කමක් නෑ එක්කො.. බෝයිපෙන් නෙ.. ආයෙ වැඩිය නටන්නැතුව අත පය තියන් ඉඳපන්.. අසමජ්ජාති දඬුලේනා.. උඹට තියන විසේ නිසා තමා අර මාමා කියන්න වගේ.. හත්පොළේ ගාගන්නෙ.. ඒක අමතක වෙයාන්.. අමතක වෙයාන්.. අපරාදෙ කියාන් අයියා අර මට දවසක් කිව්ව කතාව මම අමතක කළේ.. 'අපේ එකා මොකත මූව දැක්කම වොශෲම් එකට මාරුවෙන්නේ~' මට තාමත් ඒ පුස් ඌරගෙ වචන කන් ඇතුළෙ රැව් පිළිරැව් දෙනවා වගේ.. හොඳයි හොඳ හුස්මක් ඇදලා උඩට ගනින්..

'මට ඊයේ වෙච්ච සියලු සබ්බ සකල මනාව අමතක වේවා.. ඒස්වාහ පුහ්ඃ'

*චටාස්*

" ආව්.."

මගේ පිට මැද්දටම හරියටම ඒස්වාහ පුඃ එකේදි හොඳවයින් රැකට් පාරක් වැදුණා.. මම ඒ එක්කම වේළුසුමනයා දිහා රවලා බැලුවා..දැන් පැයක විතර ඉඳලා මේ වයසක මනුස්සයා අර්ශස් අමාරුව හැදිලා වගේ කියවනවා කියවනවා ඉවරයක් නෑ.. ඉතින් හත්වලාමේ මම ගමේ යන්නැද්ද මගේ සුදුආච්චිව බලන්න.. කෝච්කාරයට තේරෙනවද මගේ කෙල්ලගෙ වටිනාකම.. නෑනෙ.. අල්ලපු ගෙදර කිකිළි වුණත් මම නැතුව පාළුවෙන්නෙ ඉන්නෙ.. ගමට පායන පසළොස්වක හඳ තමා මම.. කාලෙකටනෙ පායන්නෙ.. 

" මම කියන ඒවා අහගෙනද ඉන්නෙ..!!"

" ඔව් ගෙනාවා ඉතින්.. ලොකර් එකේ තියෙනවා.. ඕනද.."

කෝච් වේළුසුමනයා මට දෙපාරක් රැව්වා.. 

" ගිහින් ඒක අරගෙන එනවා!!!"

ආයෙම ඒ මනුස්සයා පුරුදු විදියට ගිරිය පලාගෙන බෙරිහන් දුන්නහම ඕක හැමදාම අහලා පුරුදු මම කකුල් දෙකත් අද්ද අද්ද ගිහින් ලොකර් එක ඇරලා ඒකෙ ෆයිල් එක අරගෙන ඇවිත් කෝච්ට දුන්නා.. මටත් දැන් අර කම්මලේ බල්ලට යකඩ තලන සද්දෙ වගේ.. හතරවටින්ම බැනුම් අහලා හොඳට පුරුදුයි.. ආධ්‍ය අයියා කිව්වා ඒක අනාගතේට වටිනවා කියලා.. ඇයිද දන්නෑ එහෙම කිව්වෙ.. ඩොකෙක් වුණාම බැනුම් අහන්න ඕන ඇති.. අයියත් බැනුම් අහලා දුවගෙන ගිහිල්ලනෙ වරද්ලගෙ මාමගෙ ඇඟේ හැප්පිලා පෙරළගෙන වෝඩ් එකේ එක මගුලක් වුණේ.. එතන එක මගුලක් අයියට සෙට් වුණා.. මම කලන්තෙ දාලා වැටිලා මල්ලිට තව මගුලක් සෙට් වුණා.. එකපවුලෙ මගුල් දෙකයි..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now