152 කොටස

10.8K 1.5K 295
                                    

" ස්ටොප් එම්බැරසින් මී ෂනෙරු!!.."

" Ah yeah
සෙන්‍යොරීනා
ඔයා එක්ක බිව්වෙ මාගරීටා
මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
අපෙ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහ වෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා
මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා
උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සෙන්‍යොරීනා~

උඹට ලැජ්ජ හිතුණද පුතේ.. මේ බොඩිගාඩ් අයියෙ.. කව්ද ඩැරන් අයියණ්ඩි නේ.. මගේ ගායන හැකියාව කොහොමද.. ඔයාට ආඩම්බරයක් හිතුණද.."

පිටිපස්ස සීට් එකේ ඉඳපු ඩැරන් බයවෙලා වගේ චමිරු දිහා බලලා මගේ දිහා බලලා ආයෙම ෆෝන් එක දිහා බලාගත්තා.. මේ මිනිහා එක්ක කතාකරන්න හොඳ නෑ.. ඇඟ තඩි බූරු පැටියා.. මම ආයෙම ඉස්සරහ හැරුණා..

" උඹට ආඩම්බරයක් හිතුණද.. වෙන බරක්වත් හැදුණෙ නැද්ද.. ඊය බං.. කිසි රහක් නැති මිනිස්සු උඹලා.. 

චාඕ මල්ලේහ්
ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලේ
හංගන් ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලේ
අම්මව බලන්න යනවා
චාඕ මල්ලේ (Hey) "

" අම්මව නෙමේ දැන් කැම්පස් පලයන්.. ආයෙනම් උඹව ඩ්‍රොප් කරන්න මම එන්නෙ නෑ.. බලන් ඉඳපන්.."

චමිරු මට රවලා ඉස්සරහා බලාගෙන හිටියා.. මම සනුක අයියගෙ ගැම්ම අරගෙන එළීයෙ ඉස්කෝලෙ යන පොඩි නංගි කෙනෙක්ට අත වැනුවා.. ඒ කෙල්ල මට රවලා අහක බලාගත්තා.. මුන් යකෝ..!! අපි පොඩිකාලෙනම් ඔහොම නෑ.. 

" ඔය කිව්වට උඹ ආවනෙ දවස් දෙකක්.. අඩෝ පිනට ට්‍රාන්ස්පෝට් එකක් දීපන්.. මගේ ඩීසල් ටිකත් ඉතුරුයි.."

" පයින් පලයන්.. ඉවරනෙ.."

" බෑ සමිරුකා~.."

චමිරු මාත් එක්ක තරහටම ඉස්සරහින් හිට වාහනේට හෝන් දෙක තුනක් ගහලා හැටට හැටේ තනි ඉරත් කපාගෙන ඉස්සර කල්ලා ගියා.. ඕක තමා මට ඇමති පුත්තු පේන්න බැරි.. මුන්ගෙ අප්පලගෙ දේපළ කියලා හිතාගෙන ඉන්නවද දන්නෑ.. මරු නීතීඥයා.. මූ ලෝ කොලේජ් යන එකටත් ණයයි බලන් යද්දි.. 

" ඔය කුණුහර්ප නම කියන එක නවත්තගනින්.. බූරුවා.."

" බූරුවො මෙඩිකල් කොලේජ් යන්නෙ නෑ පගෝ.. මම ඇවිල්ලා දැන් කැම්පස් එකේ තරුවක්.. ඩැරන් අයියෙ මම තරුවක් වගේ නේද.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now